
දැඩි ස්වරයෙන් යුතුව ඊයේ (11) සවස් යාමයේ මුස්ලිම් ඇමති වරුන් අට දෙනකු සමගින් ප්‍රකාශයක් නිකුත් කරන බස්නාහිර ආණ්ඩුකාර වරයා, ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය ‘කලින් දැනුවත්ව සැලසුම් සහගතව කරන ලද්දක් බවයි.
කොස්ගස් හන්දියේ මුස්ලිම් දේවස්ථානයට පහර දුන් කලහකාරීන් පොලිසියටත් පහර දුන් බව 'බීබීසී සංදේශය' සමගින් කියා සිටි ආණ්ඩුකාර අලවි මවුලානා, ''යකඩ මල්ලට ගුල්ලො ගහල නම්, හාල් මල්ල ගැන බලන්න දෙයක් නෑ,''යනුවෙන් සඳහන් කළේය.
මුස්ලිම් ප්‍රජාව සහ දේවස්ථාන වලට මීට ඉහත ප්‍රහාර වැදුනු අවස්ථා වලදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියම කොට තිබෙන ආයතන ගත් පියවර 'පල රහිත හා ඇල් මැරුණු,' හෙයින් අන්ත වාදී බලවේග එමගින් තවත් දිරිමත් වී ඇති බව ඔවුන්ගේ නිවේදනයේ සඳහන් වේ.
මේ ප්‍රහාරය 'කණගාටුදායක හා නිවට' එකක් ලෙසින් හඳුන්වන
පොලිසිය ආගම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට පියවර නොගැනීම පිලිබඳ ආණ්ඩුවේ මුස්ලිම් නායකත්වයේ චෝදනාව, එක්සත් ජාතික පක්ෂයෙන්ද කොළඹදී එල්ල විය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, රජය ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය පිළිබඳව කල් තියා දැන සිටි බවයි.
වැලිවේරියේ වතුර ඉල්ලා සිටි ජනතාවට හමුදාව යොදවා රජය ‘ම්ලේච්ඡ ලෙස’ ප්‍රහාරයක් එල්ල කළත්, කොස්ගස් හන්දියේදී මුස්ලිම් දේවස්ථානයට පහර දෙද්දී බලා සිටි පොලිසිය ‘අවම බලය හෝ’ යෙදවූයේ නැති බව එජාප පළාත් සභා මන්ත්‍රීවරයා පැවසිය.

No comments:
Post a Comment