HIRU TV

Saturday, September 7, 2013

RAW behind Pillay - Divaina

පිල්ලේ පිටුපස රෝ ඔත්තු සේවා - 'දිවයින'

RAW behind Pillay - Divaina

 
navi row divaina 410px 07-0hirunewsඑක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ ඉන්දීය රෝ ඔත්තු සේවා මෙරට ක්‍රියාත්මක වී ඇති බවට ආරක්‍ෂක බුද්ධි අංශ වෙත වාර්තා වී ඇතැයි 'ඉරිදා දිවයින' පුවත්පත අනාවරණය කරයි.
එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
නවනීදන් පිල්ලේ මහත්මිය මෙරට ගත කළ කාලය තුළ ඇය සිදු කළ ප්‍රකාශ හා හමු වූ කණ්‌ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම රෝ ඔත්තු සේවා ලංකාවට පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.

නවනීදන් පිල්ලේ ලංකාවට පැමිණි මොහොතේ සිට ඇය රටින් පිටව
යන තෙක්‌ සිදු කළ සෑම ක්‍රියාවක්‌ පිළිබඳවම රෝ සංවිධානය විසින් තොරතුරු සොයා බලා කරුණු රැස්‌කර තිබේ.

දැන ගැනීමට ලැබුණු තොරතුරු අනුව රෝ සංවිධානයේ නියෝජිතයන් පිරිස වැඩිපුර ගතකර ඇත්තේ උතුරු ප්‍රදේශය තුළ බව කියති. රෝ සංවිධානයේ අරමුණ මෙතෙක්‌ හෙළි වී නැතැයි ආරක්‍ෂක අංශවලට දැනගැනීමට ලැබී තිබේ.

උතුරේ වැසියන් ඉන්දීය මධ්‍යම රජය පිළිබඳව දරන අදහස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය වෙත හෙළි කළ හැකි නිසා රෝ සංවිධානය මෙසේ උතුරේ ගැවසෙන්නට ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment