HIRUNEWSකටට පාන්කඩ ඔබා බිරිඳගේ දතක් අමු අමුවේ ගලවා අනර්ථයක් කළ බවට සැකිපිට අධිකරණය හමුවට පැමිණ වූ ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අගෝස්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (16) නියෝග කළේය.
සැකකරු බිරිඳට අතින් පයින් පහර දී දතක් ගලවා බල අපරාධයක් කරන ලදැයි සැකපිට යටවත්ත පොලිසිය විසින් අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිනි.
මෙසේ අතවරයට ලක්වූ කාන්තාව
උපාධිධාරි ගුරුවරියක් වන අතර ඇය එක්දරු මවක් බවද පැවසේ.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු මාතලේ, පමුණුව, වාලවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පාලිත රත්නායක නැමැත්තෙකි.
No comments:
Post a Comment