hirunewsඑක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසය සහ කම්කරු ජාතික සංගමය අතර අද කොටගල දී ඇති වූ ගැටුමෙන් වාහන 14 කට අලාභ සිදුවී ඇති අතර පුද්ගලයින් ගණනාවකට තුවාල සිදු වී ඇත.
අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා ගේ නායකත්වය යටතේ පවතින ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.රාජදොරෙයි මහතා සහ කම්කරු ජාතික සංගමයේ නායක පී.දිගම්බරම් යන අය ගමන්ගත් වාහන පෙලට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වූ බරපතලම ප්‍රචණ්ඩ ක්‍රියාව මෙය බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
අද (19) පස්වරු 4.45 ට පමණ කොටගල කොමර්ෂල් හංදිය ප්‍රදේශයේදී කම්කරු ජාතික සංගමය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ අධාරකරුවන් අතර ඇතිවු ගැටුමකින් කම්කරු ජාතික කොංග්‍රසයේ වාහන 14 කට පමණ අලාභහානි සිදුව ඇතැයි වාර්තා වෙයි.
කම්කරු ජාතික සංගමයට අයත් රථ පෙළක් නුවරඑළිය සිට හැටන් දක්වා ගමන් ගනිමින් තිබෙන අතරතුරු කොටගල කොමර්ෂල් හංදිය ප්‍රදේශයේදී මෙ ගැටුම
මෙහිදී ප්‍රහාරයට ලක්ව ඇත්තේ පී දිගම්බරම් සහ රාජදොරෙයි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගමන් ගනිමින් සිටි රථ පෙළක් බව වාර්තා වී තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කළ පී රාජදොරෙයි මන්ත්‍රීවරයා ඊයේ දිනයේ කම්කරු ජාතික සංගමය හා එක්විය.




No comments:
Post a Comment