HIRUNEWS'කම්පියුටර් ජිල්මාට්' මගින් තමාට ලැබෙන ජන්ද සංඛ්‍යාව අඩු කිරීමේ උත්සාහයක නිරතවීමට ඇතැම් පුද්ගලයින් සූදානම් වන බවට දයාසිරි ජයසේකර කර ඇති ප්‍රකාශයෙන් ඔහුට ආණ්ඩුවට ගිය පසු එය හොදටම ඒත්තු ගැන්වී ඇති බවට සාක්ෂියක් යැයි එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා 'ශ්‍රී ලංකා මිරර්' සමග පැවසීය.දයාසිරි මේ ආණ්ඩුව තහනම් උත්තේජකවලින් ජය ගත් ආණ්ඩුවක් බව මින් ප්‍රත්‍යක්ෂ කර ඇතැයිද ඔහු කීය.
වසර 2001 සිට දයාසිරි 2013 ජුනි දක්වාම මේ ආණ්ඩුව කම්පියුටර් ජිල්මාට් ආණ්ඩුවක් බව කියමින් ගිය බවත්, ඉන් පසුවත් ඔහු එය කියමින් යාම ගැන තමා ඔහුට ස්තූතිවන්ත
රනිල් කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ මෙන් අපූරු අයෙක් බවත්, 2001 සිට එජාපයට පිල්ලුවක් වූ දයාසිරි ආණ්ඩුවට තල්ලුකර දැමීමෙන් ඒ බව ඔප්පුවන්නේ යැයිද ඔහු කීය.
මේ අනුව ආණ්ඩුව ඇතුලෙන් එය පුපුරායාමට පෙර අලුත් සද්දයක් නැගෙමින් ඇතැයිද ඔහු සදහන් කළේය.
දැන් දයාසිරි පිල්ලුව ආණ්ඩුවට එක්වී පිස්සු කෙළින නිසා, ආණ්ඩුව කනවෝ කනවෝ කියමින් කෑගසමින් මරහඩ තලන බවද ඔහු පැවසීය.
No comments:
Post a Comment