hirunewsබම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන කරන රහස් පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුට බැන මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
විමර්ශන නිලධාරීන්ට
හෝ සාක්කිකරුවනට බලපෑම් කළහොත් නැවත ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බව ද මහේස්ත්‍රාත් පැවසීය.
මොහොමඩ් සියාම් ඝාතනය කළැයි ද, සරත් එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත්ට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීයැයි ද කියන නඩු දෙකක් සම්බන්ධයෙන් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
No comments:
Post a Comment