hirunewsවයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා ද මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස අගමැතිගේ පුත් නීතිඥ අනුරාධ ජයරත්න මහතාද පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
මේ අතර, වයඹ සභාපති ලෙස අභාවප්‍රාප්ත ද.මු. දසනායක අමාත්‍යවරයාගේ බිරිඳ වන ඉන්ද්‍රානි දසනායක මහත්මිය ද උප සභාපති ලෙස ආර්.ඩි. විමලදාස මහතාද, සභානායක ලෙස තිසේරා මහතාව ද නම්කර ඇත.
එසේම මධ්‍යම පළාත් සභාවේ සභාපති ලෙස මහින්ද අබේකෝන් මහතාද,
උප සභාපති ලෙස අමාත්‍ය සි.බි. රත්නායක මහතාගේ සොයුරු ආර්.එම්. සුනිල් බණ්ඩාර රත්නායක මහතාද, සභානායක ලෙස ද ඒ. තුරෙයි සාමි මදීයුග රජා මහතාද නම්කර තිබේ.
No comments:
Post a Comment