HIRU TV

Saturday, August 24, 2013

Love seats" in films halls to be torn down

චිත්‍රපට ශාලාවල පෙම් අසුන් ගැලවේ !

Love seats" in films halls to be torn down

 
Film hall box 410px 05-08-1hirunewsචිත්‍රපට ශාලාවල ඇති බොක්ස් ආසන තුල තරුණ තරුණියන් ලිංගිකව  එක්වන බවට තොරතුරු ලැබී ඇති බැවින් බොක්ස් ආසන ඉවත් කිරීමටත්,  සිනමා ශාලා තුලට එන තරුණයින් බාල වයස්කාරියන් රැගෙන එම වලක්විමටත්  නව නීති සකස් කිරීමට ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අතර මේ දිනවල අදහස් හුවමාරු වේ.
ගම්‍පොළ
සිනමා ශාලාවකදී බාලවයස්කාරියක් සිය පෙම්වතා අතින් දූෂණය වීමත් ‍පොලීසියට වාර්තාවීම සැලකිල්ලට ගෙන නව නීති සකස් කිරීමට දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වන බව ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරී ජයන්ත වික්‍රමසිංහ සඳහන් කළේය.

 ඉදිරි දිනවල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමග සිනමා ශාලාවල බොක්ස් ආසන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්ද දියත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment