HIRU TV

Friday, August 9, 2013

Ravindu goes to his father's place

වාස්ගේ පුතාත් පියාගිය තැනටම !  


Ravindu goes to his father's place

Ravidu remand 410-x09-08-13hirunewsකෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජී.ට්‍රොස්කි මහතා අද (09) නියෝග කළා.
රහස් පොලිසිය විසින් ඔහු අද (09) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි මේ නියෝගය කළාය.
රවිඳු ගුණවර්ධනව ඔහුගේ පියාගෙන් හැර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කර තබන ලෙස මෙහිදී රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්
ගුණවර්ධන විශේෂ ආරක්ෂාව යටතේ බන්ධනාගාරගතව සිටින නිසා රවිඳු ගුණවර්ධන ද එම ස්ථානයේම රදවා තබන්නැයි ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ සඳහා සුදුසු පියවර ගන්නැයි අතිරේක මහේස්ත‍්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දුන්නේය.
රවිඳු ගුණවර්ධන වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා පෙනී සිටියේය.

No comments:

Post a Comment