රතුපස්වල බලධාරීන් නිහඬයි
hirunewsවැලිවේරිය, රතුපස්වල ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ධම්මික පෙරේරාගේ උප සභාපතිත්වයෙන්යුතුව ක‍්‍රියාත්මක වන වෙනිග්‍රෝස් කර්මාන්තශාලාවේ (Dipped Products PLC -Venigros (Pvt) Ltd)හානිකරක‍්‍රියාකාරිත්වය හේතුවෙන් ඒ අවට ගම්මාන 12 ක ජනතාව පානීය ජල අර්බුදයටත් සෞඛ්‍ය තර්ජනවලටත්, වගා බිම් විනාශ වීමේ තර්ජනයකටත් ජීවිත අවධානමටත් දරුණු ලෙසගොදුරු වී සිටිති. රබර් අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වන මේ මගින් දෛනිකව අත්වැසුම් 1 85,000 ක් පමණ නිෂ්පාදනය කරයි. ඒ සඳහා කර්මාන්තශාලාවේ නීති විරෝධී ලෙස යන්ත‍්‍රාගාර 5 ක්ක‍්‍රියාත්මක වන අතර දිනකට අපජලය ලීටර 60,000 ක් පමණ පරිසරයට මුදාහැරීම සිදු කරයි.
1994 වසරේ දී ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මේ කර්මාන්තශාලාව පවත්වාගෙන යෑම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කර තිබේ. මෙය 2011 වසර දක්වා වාර්ෂිකව යාවත්කාලීන කර
තිබේ. නමුත් 2012 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරිය මගින්පරිසර ආරක්ෂණ බලපත‍්‍රය යාවත්කාලීන කිරීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඊට හේතුව ලබාදුන් බලපත‍්‍රයේකොන්දේසි උල්ලංඝනය කරමින් කර්මාන්තශාලාව පවත්වාගෙන යාම හේතුවෙනි.
ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘතියක් ලෙස මෙය ස්ථාපිත කර ඇත්තේ එක් යන්ත‍්‍රාගාරයක් මගින් සිදුකරන නිෂ්පාදන ක‍්‍රියාවලියක් සඳහා පමණි. එමගින් ජනනය වන ජලීය අපද්‍රව්‍ය නිසි පරිදි පිරිපහදු කරබැහැර කිරීමට එකඟව මේ කර්මාන්තශාලාව ආරම්භ කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය මගින් ද පරිසරආරක්ෂණ බලපත‍්‍රය පළමු අදියරේ දී නිකුත් කර ඇත්තේ එම නිර්ණායකයන්ට එකඟවය.
නමුත් වර්තමානය වන විට යන්ත‍්‍රාගාර 5 ක් ස්ථාපිත කර නිෂ්පාදන ධාරිතාව හතර ගුණයකින් වැඩි කරතිබේ. නමුත් අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ පද්ධතිය පැරණි එක් යන්ත‍්‍රාගාරයක් පමණක් ක‍්‍රියාත්මක වනඅවස්ථාවේ දී තිබූ මට්ටමේම පවතී. එය යාවත්කාලීන කර නොමැත. තවද මේ මගින් සිදු කර ඇත්තේආයෝජන මණ්ඩලය හා තිබූ මූලික එකඟතාවය හා පරිසර ආරක්ෂණ බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රියාවලියේ දී තිබූඑකඟතාවයන් උල්ලංඝනය කර කර්මාන්තශාලාව හිතුමනාපයට පුළුල් කිරීම ය.
ඒ අනුව පරිසර ආරක්ෂණ බලපත‍්‍රයකින් තොරව හා ලබාදුන් බලපත‍්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින්මේ දක්වා මේ කර්මාන්තශාලාව නීති විරෝධී ලෙස පවත්වා ගෙන යාම සිදු කර තිබේ. මහා පරිමාණයෙන්අපද්‍රව්‍ය ජනනය කරන ව්‍යාපෘතියක් මෙලෙස පරිසර ආරක්ෂණ බලපත‍්‍රයේ කොන්දේසි උල්ලංඝනයකරමින් පවත්වාගෙන යාමට එරෙහිව අදාළ කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් මධ්‍යම පරිසර අධිකාරිය මගින්මේ වනතුරුත් ගෙන නොමැත.
පළමුව ලබාදුන් පරිසර ආරක්ෂණ බලපත‍්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් කර්මාන්තශාලාවපවත්වාගෙන යාමට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීමේ අවසාන ප‍්‍රතිඵලයවූයේ වැලිවේරිය ප‍්‍රදේශයේ ගම්මාන 12 ක දහස් ගණනක ජනතාවකට පානීය ජලයත්, නිදහස් දිවිපැවැත්මත්, සෞඛ්‍යය හා කෘෂිකර්මාන්තයත් අහිමි වීම ය. මෙය මධ්‍යම පරිසර අධිකාරිය හා ශ‍්‍රී ලංකාආයෝජන මණ්ඩලය දැන දැනම සිදු කළ අපරාධයකි.
කර්මාන්තශාලාවේ භූමි වපසරිය හා ජලය ලබාගැනීමේ ශක්‍යතාවය මත මේ කර්මාන්තශාලාව අද තිබෙනමට්ටමට පුළුල් කිරීමක් සිදු කළ නොහැකිය. නමුත් ඒ අයුරින් නීති විරෝධී ලෙස මේ කර්මාන්තශාලාවපුළුල් කිරීම හා නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට එරෙහිව ආයෝජන මණ්ඩලය හෝ මධ්‍යම පරිසරඅධිකාරිය කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීමෙන් සිදු වූයේ මහා ව්‍යසනකාරී කර්මාන්තශාලාවක් තත්ත්වයට මෙය පත්වීම ය. තවද යන්ත‍්‍රාගාර 5 ක් මගින් සිදු කරන නිෂ්පාදනක‍්‍රියාවලියේ දී ජනනය වන අධික අපජල ප‍්‍රමාණය නිසි පරිදි පිරිපහදු කිරීමට හා පිරිපහදු කරන ලද ජලයවිසරණය කිරීමට ප‍්‍රමාණවත් භූමි ප‍්‍රමාණයක් මේ කර්මාන්තශාලාවට නොමැති තත්ත්වයක් තුළ මේආකාරයෙන් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හාආයෝජන මණ්ඩලය ඇස්කන් නැත්තවුන් සේ කෙසේ බලපත‍්‍ර පළමු අවස්ථාවල දී යාවත්කාලීන කළේ ද යන්න ගැටළුවකි. ඉන්සනාථ වන්නේ මේ කර්මාන්තශාලාවේ සත්‍ය තත්ත්වය වසන් කිරීමට මේ සියලූ ආයතන මුදල් ලබාගෙනඇති බවකි. එසේ නොමැතිනම් පළමු අවස්ථාවල බලපත‍්‍ර යාවත්කාලීන කිරීමේ දී අදාළ කරුණු පිළිබඳවනිසි පරිදි සොයා බැලීම සිදු කර නොමැති බවකි. එම හානිකර ක‍්‍රියාවන් ගේ අවසන් ප‍්‍රතිඵලය වූයේ වටිනා ජීවිත ගණනාවක් රටට අහිමි වීම ය.
මේ කර්මාන්තශාලාවේ අත්වැසුම් නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රධාන නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස රබර් කිරිභාවිතා කරන අතර නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී අම්ල අධික ප‍්‍රමාණයක් භාවිතා කරයි. නිෂ්පාදනක‍්‍රියාවලියෙන් පසු අත්වැසුම් පිරිසිදු කිරීම සඳහා ද විශාල ජල ප‍්‍රමාණයක් භාවිතා කරනු ලැබේ. එහි දීඉවත් කරන අම්ල මිශ‍්‍රිත අපජලය පිරිපහදු ක‍්‍රියාවලියකින් තොරව බාහිර පරිසරයට මුදා හැරීම හා භූගතකිරීම සිදු කරයි. ජලය භූගත කිරීම සඳහා කර්මාන්තශාලා භූමියේ අඩි 60 ක් ගැඹුර ළිං 5ක් සකස් කරඇත. විශේෂයෙන් වර්ෂා කාලවල දී කාණු පද්ධතිය හරහා ඇල මාර්ගවලට මේ ආම්ලික ජලය ඍජුවමබැහැරලීම සිදු කරයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඒ අවට ප‍්‍රදේශය පුරාම භූගත ජලයට අම්ල එක්වීමහේතුවෙන් ළිං ජලය ආම්ලිකවීම, කුඹුරුවල පස ආම්ලික වී පුරන් වීම ඇතුළු හානිකර ප‍්‍රතිවිපාක රැුසක් සිදු ව තිබේ.
මෙම ආම්ලික ජලය පසේ අඩංගු සංයෝග සමඟ ප‍්‍රතික‍්‍රියා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසේ අයනසාන්ද්‍රනය ඉහළ යයි. තවද ජලයේ ද්‍රාව්‍ය විවිධ සංයෝග සෑදීම ද මෙහි ප‍්‍රතිඵලයක් ලෙස සිදු වේ.ලෝහමය සංයෝග සමඟ ප‍්‍රතික‍්‍රියා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජලයේ හා පසේ ලෝහ අයන සාන්ද්‍රණයවැඩිවීම ඇතුළු හානිකර තත්ත්වයන් රැුසක් ඇති වේ. තවද බැර ලෝහ සමඟ ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් පසේ හාජලයේ බැර ලෝහ අයන සාන්ද්‍රණය අහිතකර මට්ටමකට පත් වේ.
එම ජලය පානය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ආහාර මාර්ග පද්ධතිය ආශ‍්‍රිත හා මුත‍්‍රා පද්ධතිය ආශ‍්‍රිතරෝගාබාධවලට අවට ජනතාව දරුණු ලෙස ගොදුරු වී තිබේ. මීට අමතරව වකුගඩු ආශ‍්‍රිත රෝගාබාධවලටද මේ ජනතාව ගොදුරු වෙමින් පවතී. මීට අමතරව වමනය, ඔක්කාරය, හිසරදය හා ඇස් රෝග ඇති වීමේවැඩි ප‍්‍රවණතාවයක් මේ ප‍්‍රදේශය පුරා දැකගන්නට තිබේ. කුඩා දරුවන්ට හා වයෝවෘද පුද්ගලයන්ට මේතත්ත්වය දරුණු ලෙස බලපා තිබේ. මීට අමතරව අධික ආම්ලික ජලය ශරීරයේ ගෑවුණු විට සමේ රෝගහා සම තුවාල වීම ඇතුළු හානිකර තත්ත්වයන් රැුසක් මේ ප‍්‍රදේශය පුරා වර්ධනය වී තිබේ.කුඹුරුවලට මේ ආම්ලික ජලය එක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පස ආම්ලික වී ශාක වර්ධනය නොවීමේප‍්‍රතිඵලයක් ලෙස බොහෝ කුඹුරු මේ වන විට පුරන් වී තිබේ.වසර ගණනාවක් පුරා මේ තත්ත්වයට වැලිවේරිය අවට ගම්මාන 12 ක් පමණ ඍජුව ගොදුරු වීමේප‍්‍රතිඵලයක් ලෙස විශාල ප‍්‍රදේශයක පසේ ආම්ලිකතාවය ඉතා විශාල මට්ටමකින් ඉහළ ගොස් තිබේ.
වර්ෂාවට මේ ප‍්‍රදේශය නිරාවරණය වුව ද මේ අම්ල තනුකකරණය නිසි පරිදි සිදු නොවන්නේ මේ ප‍්‍රදේශයදීර්ඝ කාලයක් අම්ල සාන්ද්‍රගත වීම හේතුවෙනි. මේ නිසා ළිංවල ජලයේ පී.එච්. අගය සීග‍්‍රයෙන් පහළ බැසආම්ලික තත්ත්වයට පත් ව තිබේ. මේ තත්ත්වය උග‍්‍ර තත්ත්වයට පත් වන්නේ පායන කාලයේ දී ය. එමකාලවල දී ළිං ජලයේ, පසේ හා කුඹුරුවල පමණක් නොව ඇල මාර්ගවල ද ආම්ලිකතාවය ඉතා ඉහළ මට්ටමකට පත් වේ.වසර ගණනාවක් පුරා මේ ආකාරයෙන් පවත්වා ගෙන ගිය කර්මාන්තශාලාවෙන් ඇති වී තිබෙන හානිකරතත්ත්වය පිළිබඳව සොයා බලා ඊට විසඳුම් ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරියට නොහැකි වීම ඉතාකණගාටුවට කරුණකි. දැවැන්ත පාරිසරික හානියක් සිදු කළ ද අද වන තුරු ජාතික පාරිසරික පනතයටතේ අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට නොහැකි වීම පිළිබඳව රටේ පරිසරය වෙනුවෙන් කටයුතු කරන ප‍්‍රධාන ආයතනයක් ලෙස අප කණගාටු වෙමු.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 98(ආ* වගන්තියට අනුව මහජනතාවගේ සෞඛ්‍යයට යම්බලපෑමක් ඇති වන ආකාරයෙන් යම් කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳව මහේස්ත‍්‍රාත්අධිකරණයක් ඉදිරියේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මේ මහජන පීඩාකාරී තත්ත්වය මැඩ පැවැත්වීමඋදෙසා කර්මාන්තය ඉවත් කිරීමට ආඥාවක් ලබාගැනීමේ හැකියාව පවතී.
දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 හා 270 වගන්තිවලට අනුව මහජනතාව පොදුවේ බුක්ති විඳින ජලය අපද්‍රව්‍යමගින් අපවිත‍්‍ර කරන හෝ කිළිටි කරන තැනැත්තකු වරදකරුවකු වන අතර එවන් පුද්ගලයකුට එරෙහිවනීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව ඇත. නමුත් වෙනිග්‍රෝස් කර්මාන්තශාලාවෙන් ගම්මාන12 ක ජනතාව ගිලන් කර අවතැන් කරද්දී ඊට එරෙහිව නිසි පරිදි ක‍්‍රියාත්මක වීමට මෙතෙක් පොලිසියඅසමත්ව තිබේ.
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත උදෙසාපරිසරය ආරක්ෂා කිරීම රජය විසින් සිදු කළ යුතු ය. නමුත් ජනතාවගේ යහපත සම්පූර්ණයෙන්ම විනාශවන ආකාරයෙන් පරිසර විනාශකාරී ලෙස පවත්වාගෙන යන වෙනිග්‍රෝස් කර්මාන්තශාලාව ඉවත් කිරීමවෙනුවට ජනතාව මරා දැමීමට රජය කටයුතු කිරීම යනු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්මඋල්ලංඝනය කිරීමකි. එමගින් පෙනී යන්නේ රජය විසින් පොලිසිය,හමුදාව පමණක් නොව විශේෂ කාර්යබලකාය ද යොදවමින් ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමට ජනතාව හා පරිසරය විනාශ කර ඇති බව ය. එපමණක් නොව මේ මගින් තහවුරු වන්නේ උත්තරීතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පමණක්ම නොව ජනතාවට හා පරිසරයට වඩා ව්‍යාපාරිකයන් රැුක ගැනීමට පමණක් රජය තම බලය යොදවනබව ය. වෙනිග්‍රෝස් කර්මාන්තශාලාව මෙතරම් බල සම්පන්න වීමට හේතුව කුමක් ද යන්න බොහෝ දෙනෙකුට ගැටළුවකි. වත්මන් රජයේ මුල් පුටු හොබවන පුද්ගලයින් වෙනුවෙන් මේ සමාගමේ ආයෝජනය කර ඇති පුද්ගලයින් ආරක්ෂා කිරීමට මෙවන් දේ සිදු වන බව නොරහසකි. ධම්මික පෙරේරා යනු හේලීස් සමූහව්‍යාපාරයේ උප සභාපති තනතුර දරන තනි පුද්ගයකු ලෙස වැඩිම කොටස් ප‍්‍රමාණයක් හිමි පුද්ගලයා ය.මේ සම්බන්ධතා මත ප‍්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබල දේශපාලකයින් කිසිවකු මේ කර්මාන්තශාලාවේහානිකර ක‍්‍රියාමාර්ග ඉදිරියේ ඊට එරෙහිව ජනතාව ගේ අයිතිවාසිකම් දිනා දීමට ඉදිරිපත් වූයේ නැත. දිගින්දිගටම සිදු කරනු ලැබූයේ වතුර ඉල්ලා හඬා වැලපෙන ජනතාව මර්දනය කිරීම හා මරා දැමීමත්කර්මාන්තශාලාව සඳහා පොලිසියේ හා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමත් ය. එතැනින්නොනැවතී මරා දැමූවන් ගෞරවාන්විතව ආදාහනය කිරීමට ඇති අයිතිය ද අහිමි කිරීම ය. මින් පැහැදිලිවන්නේ වත්මන් රජය තමන්ට පෞද්ගලිකව වියදම් කරන හා තමන් වෙනුවෙන් ආයෝජනය කරනපුද්ගලයන් සතු ව්‍යාපාර ආරක්ෂා කිරීම උදෙසා ජනතාව මරා දැමීමට වුව ද පසුබට නොවන බව ය.
අප වැලිවේරිය ජනතාව වෙනුවෙන් අදාළ බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ පානයට පිරිසිදු දිය බිඳක්ඉල්ලා අවිහිංසක විරෝධතාවයක නිරතව සිටිය දී අමානුෂික ලෙස යුද හමුදාව විසින් මරා දැමූ ජනතාව වෙනුවෙන් හෝ ගෞරවයක් ඉටු කිරීම සඳහා මේ ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාවට පිරිසිදු දිය බිඳක් පානයකිරීමේ අයිතිය ලබාදීමට නීති විරෝධී ලෙස පවත්වා ගෙන යන වෙනිග්‍රෝස් කර්මාන්තශාලාව වහාමක‍්‍රියාත්මක වන පරිදි වසා දැමීමට කටයුතු කරන ලෙස ය.
No comments:
Post a Comment