HIRU TV

Sunday, October 20, 2013

NCPA probe on child abuse in the Vavuniya children's home

ළමා නිවාසයේ ලිංගික අපචාර විමර්ශන ළමා ආරක්ෂණ අධිකාරියට

NCPA probe on child abuse in the Vavuniya children's home

 
Ajith rohana 410px 06-08-12hirunewsවවුනියාවේ ඇටඹගස්කඩ ප්‍රදේශයේ ළමා නිවාසයක දී පිරිමි ළමයකුට සිදු කල ලිංගික අපචාර සිද්ධියට අදාළ විමර්ශන සම්පූර්ණයෙන්ම ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
එම දරුවා අපයෝජනයට ලක් කොට ඇති බවට 2012 වසරේ දී ද පැමිණිල්ලක් ලැබී තිබුණු බව පැවසූ ඔහු කියා සිටියේ, එම අවස්ථාවාදී පොලීසිය විසින් පැමිණිල්ලක් සටහන් කොට අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කළ බවයි.

අධිකරණ වෛද්‍යවරයා විසින් දුන් වාර්තාවට අනුව දරුවා එම අවස්ථාවේ දී අපයෝජනයට ලක් වී නැති බවට තහවුරු වී ඇති බව ඔහු පැවසුවේය.

සතියකට පෙර පොලීසියට පැමිණ පැමිණිල්ලක් කිරීමෙ
න් අනතුරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දරුවා අපයෝජනයට ලක් කර ඇති බවට දැන් තහවුරු වී ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

එහෙත් දෙවැනි අවස්තාවේදී දරුවා ළමා නිවාසයේ නොව ඔහුගේ දෙමාපියන් හෝ භාර කරුවන් හෝ යටතේ සිට ඇති බව  ඔහු කියා සිටියේය.

මෙම ළමා අපචාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ, උතුරු පළාත් ප්‍රධාන උප සංඝ නායක ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන් වෙතය.

No comments:

Post a Comment