hirunewsජංගම දුරකථන සේවා සපයන ආයතනයක් විසින් පවත්වන ලද ක්‍රිකට් සම්මාන උළෙලේ සංවිධාන කටයුතු භාරව කටයුතු කළ ජනප්‍රිය ගායක යුවලක් වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන දෙදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය දොස්නගා ඇතැයි වාර්තා වේ.
එම සම්මාන උළෙලේදී ක්‍රිකට් ආයතනය, එහි නිලධාරීන් හා ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයට එයට අයිතම් එකතුකර තිබීම මෙසේ මොවුන්ට දොස් නැගීමට හේතුවී තිබේ.
භාතිය හා සන්තුෂ් දෙදෙනා ක්‍රිකට් පාලක මණ්ඩලයට කැදවා මෙසේ ෙදොස් නගා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
මෙම ගායක යුවල හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සම්බන්ධය
ඉතා පැරණි එකක් වන අතර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල සංවිධානය කර තිබුණේද මොවුන් විසිනි.
ඔවුන්ට ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 15ක් ගෙවා තිබූ බවද මාධ්‍ය වාර්තාවල සදහන් විය.
No comments:
Post a Comment