HIRU TV

Monday, August 26, 2013

3 milk products non-toxic - ministry of health

කිරිපිටි වර්ග 3ක වස නෑ -සෞඛ්‍ය අමාත්‍යංශය

3 milk products non-toxic - ministry of health

 
Milk 410px 10-08-13hirunewsෆොන්ටෙරා සමාගම, මැලිබන් සමාගම, හා ලයිෆ් සර්ව් යන සමාගම් විසින් ගෙන්වනු ලබන කිරිපිටි සාම්පල 12කට අදාළ කාණ්ඩ අංක යටතේ වන කිරිපිටි තොගවල  DCD හා බොටියුලිනම් බැක්ටීරියාව නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ බව තහවුරු වී ඇත්තේ, DCD හා බොටියුලිනම් බැක්ටීරියාව අන්තර්ගත ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අදාළ කිරිපිටි සාම්පල කාර්මික තාක්ෂණික ආයතනයට හා රජයේ වෛද්‍ය  පර්යේෂණායතනයට යවා කළ පරීක්ෂණවලදී ය.

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පසුගිය දිනවල උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පත්කරන ලද අමාත්‍ය අනුකමිටුවේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා පරීක්ෂණ සඳහා එම කිරිපිටි සාම්පල අදාළ ආයතන වෙත යොමු කර තිබිණ.

මීට අමතරව වේ ප්‍රොටින් අඩංගු
ළදරු කිරිපිටි සාම්පල 08ක් ද පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒවායේ ක්ලෝස්ට්‍රිඩියම් බොටියුලිනම් අන්තර්ගත නොවන බව තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

මයිලෝ නිෂ්පාදන සඳහා දේශීය කිරි සමග වේ සංඝටක භාවිත කිරීමට අවසර දුන් බවත්, එහි වේ පවුඩර් මූලාශය ප්‍රංශය බවට අදාළ සමාගම සහතික ඉදිරිපත් කර ඇති නිසා ඒවා ගබඩා කිරීම, බෙදා හැරීම හා වෙළෙඳාම සඳහා අනුමැතිය දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

No comments:

Post a Comment