නුවරඑළිය දිසා විනිසුරු සම්පත් හේවාවසම් මහතා ඊයේ (19 ) මෙම විවෘත වරෙන්තුව නිකුත් කරන ලදි.
නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ අපචාරවලට ලක් විණැයි සැක කරමින් පොලිසිය විසින් ළමුන් පස් දෙනෙක් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
එම අවස්ථාවේදී ළමුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවෙහි පවසන ලද්දේ පසුගිය වසර 15ක පමණ කාලයක සිටි නුවරඑළියේ ළමුන් විවිධ පුද්ගලයන්ගේ අපචාරවලට ලක් වුවත් පොලිසිය ඇස්,කන් වසා ගෙන සිටි බවයි.
මෙම අවස්ථාවේ පොලිසියේ ඇස් ඇරීම හේතුවෙන්
මෙම ළමුන් පස් දෙනාට මෙමස 26 වැනිදා යළි අධිකරණය හමුවෙහි පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තුවක් නිකුත් කරමින් නියෝජ්‍ය නගරාධිපතිවරයා දුටු තැන අත්අඩංගුවට ගන්නැයි නුවරඑළිය පොලිසියට නියෝග කළේය.
නුවරඑළිය නියොජ්‍ය නගරාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ පිරිමි ළමුන්ට ක්‍රීඩා උපකරණ ලබාදී අපචාරවලට යොදා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. මේ වන විට පොලීසිය වෙත ඉදිරිපත්ව ඇති පැමිණිලි සංඛ්‍යාව 5ක් වුවද මීට වඩා වැඩි දරුවන් සංඛ්‍යාවක් මෙම නගරාධිපතිවරයා අතින් අපචාරයට ලක්ව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
No comments:
Post a Comment