Sakvithi's henchman has 9 wives
රක්ෂිත බන්ධනාගාරයේ සිටි ඔහු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ වූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතීඥවරිය මේබව හෙළි කළේය.
සැකකරුගේ සය වැනි බිරිය මොහු රුපියල් ලක්ෂ 48ක් හා රන්බඩු වංචා කළ බවට කරන ලද පැමිණිල්ක් අනුව නඩුවක් විභාග වෙමින් තිබෙන බවද එහිදී නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරුවන් පස්දෙනා ලබන අගොස්තු 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරතකරනු ලැබුවේ එම ආයතනයේ හිමිකරු බව කියන ජී.එච්. චාමර නුවන්, අදාල ආයතනයේ කළමනාකාරවරිය වන ගමගේ ලක්ෂිකා හා අධ්‍යක්ෂවරුන් වන ඒ ජී ප්‍රියන්ත සිසිර කුමාර, සෙල්ලයියා රාමචනද්‍රන් හා දිව්‍යා වර්ෂා රාමචන්ද්‍රන් යන පස්දෙනාය
.
.
ප්‍රධාන සැකකරු සක්විති රණසිංහ යටතේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කර ඇති අයෙකු වන අතර සිතිජය හෝම්ස් හා රජගෙදර හෝම්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම් අරඹා ඇත්තේ සක්විති රණසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු බවත් අධිකරණයේදී හෙළිවී තිබේ.
වැඩි පොලී දෙන බව කියමින් මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය රුපියල් කෝටියකට වැඩි තැන්පතු වංචා කළැයි ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් තිබේ.
No comments:
Post a Comment