ඇය මේ බව පවසා ඇත්තේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී "එයා ආදරේ කළේ ඔයාගේ නිළිකමට නොවේදැයි" මාධ්‍යවේදිනියක ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
තමා තනිව ගෙවූ දිවියට තිත තැබූ බවද තරුෂි එහිදී හෙලිකර තිබූ අතර, තමා මේවන විට සුමේධ තෙන්නකෝන් නැමැති බැංකු නිලධාරියකු සමග විවාහ ගිවිසගත් බවද පවසා ඇත.
සිය අලුත් සම්බන්ධය හා අනාගතය ගැන ඇය මෙසේද පවසා තිබේ.
"මං කාලයක් තිස්සේ රගපෑවනෙ. මට ඒ ඇති. දැන් මගේ ලොකුම හීනේ එයාට හොද බිරිදක්වීම.අනාගතේ හොද මවක්වීම. ඔය හීන ගැහැනියකට වටිනා දේවල්නේ"
රගපෑමට සැමියා තහංචි දමා නැතැයිද පවසන තරුෂි,
එය දමාගත්තේ තමා විසින්ම බවද හෙලිකර තිබේ.රගපෑමට සැමියා තහංචි දමා නැතැයිද පවසන තරුෂි,
කෙසේවුවද ඔහු රූගත කිරීම් සදහා දුර යාම සම්බන්ධයෙන් නම් මනාප නැතැයිද ඇය සදහන් කර තිබේ.
ඒ අනුව භාගරත් ටෙලිනාට්‍යවලට අමතරව ඉදිරි නිර්මාණ භාර ගැනීමේදී නම් තමාට සීමා දමැ ගැනීමට සිදුවන බවද ඇය පවසා තිබේ.
No comments:
Post a Comment