තමා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව පවරා ඇත්තේ, 'චක්කු' හා 'කොට ගාමිණී' යන පාතාල සාමාජිකයින්ට බව සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.
එම ප්‍රකාශයෙන් පසුව එම පාතාල සාමාජිකයින් කව්දැයි මහත් අන්දොලනයක් හටගත් අතර, පාතාලය පිලිබඳ විශේෂඥ වාර්තාකරුවකු ලෙස සැලකෙන 'ලක්බිම' මාධ්‍යවේදී අනුර හොරේෂස් මහතා සඳහන් කර තිබුනේ, 'චක්කු' නමැති පාතාලයෙක් නොමැති බවත්, 'කොට ගාමිණී' යනු පෙන්දෙකු බවත්ය.
කෙසේවුවද, මෙම පාතාල සාමාජිකයින් දෙදෙනා ගැන 'ලංකා
'' චින්නයියා ගුණදාසන් හෙවත් බ්ලුමැන්ඩල් ගුණා හෙවත් කුක්කුනා හෙවත් කිඹුලාඇලේ ගුණා යනු පාතාල නායකයෙකි. ප්‍රධාන ආදායම් මාර්ගය ඉන්දියාවෙන් කුඩු ගෙන්වීමය. මොහුගේ මල්ලී චින්නයියා විජේන්ද්‍රන් ය. ඔහුට ඍජු එල්ටීටීඊ සම්බන්ධකම් තිබිණ. ඒ හරහා නවීන ආයුධ ද මොවුන්ට තිබිණ.
'කොට ගාමිණී' යනු කිඹුලා ඇල ගුණා වෙනුවෙන් කුලියට මිනීමැරූ පුද්ගලයා ය. ඔහුගේ ගම හේකිත්තය. ඔහුගේ පළමු ඝාතනය නයිනමඩම පල්ලිය අසල සිදුකළ මනුෂ්‍ය ඝාතනයයි. එතැන් සිට මොහු පොලිසිය දැනුවත්ව ඝාතන 20 ක් පමණද නොදැනුවත් ඝාතන තවත් 30 ක් පමණ ද සිදුකර ඇති බව බුද්ධි අංශවල විශ්වාසයයි. ඒ අතර පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳව හෝමාගමදී වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු පොලිසියට සිදුකළ වෙඩි තැබීම් 4 කි.
මේ වනවිට දැනගන්නට ලැබී ඇත්තේ 'කොට ගාමිණී' නම් ඝාතකයා මේ වන විටත් ලංකාවට පැමිණ සිටින බවයි. ඉන්දියාවේ සිරගෙයක ඉන්නේ කිඹුලාඇල ගුණා පමණක් යැයි තොරතුරු ලැබී ඇත.
මේ අතර මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී මේ ගැන සඳහන් කිරීමෙන් පසුව කොට 'ගාමිණී' නම් පුද්ගලයෙක් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අමතා තමා ගැන සඳහන් වන නමුත් තමා ඉන්නේ ඉන්දියාවේ යයි පවසා ඇත. ඉන්දියාවේ සිරගතව සිටීනම් ඔහුට දුරකථනයෙන් ඇමතීමට අවස්ථාවක් ලැඛෙන්නේ නැති අතර ඉන් ඔහු හිරේ නොසිටින බව ගම්‍ය වේ.
කෙසේ වෙතත් මොවුන් ඉන්දියාවේ සිටියත් ලංකාවේ සිටියත් දෙකම එකය. මන්ද යත් ඉන්දියාවේ සිට ලංකාවට ඒමටත් ලංකාවේ සිට ඉන්දියාවට යෑමටත් මොවුන්ට ගත වන්නේ පැය දෙකක පමණ සුළු කාලයකි. ඒ තරමටම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාතාල ගනුදෙනුවේ ප්‍රවීණයන්ය.
'කොට ගාමිණී' ඇතත් නැතත් හේකිත්ත ප්‍රදේශයේ තවමත් කප්පම් ගන්නේ කොට ගාමිණීගේ නමට ඔහුගේ අම්මා සහ පෝලියෝ රෝගයෙන් කොර වී සිටින මල්ලී විසිනි. පෝලියෝ කාරයෙකුට සහ කාන්තාවකට කප්පම් ගෙවන්නේ මිනිසුන් කොට ගාමිණීට ඇති බිය නිසා මිස අන් කවරක් හෝ නිසා නොවේ.''
පාතාල සාමාජික 'චක්කු' යනු කව්දැයි 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය පසුගිය ජුනි 10 වෙනිදා කරුණු කාරනා සහිතව හෙළිදරව්කර තිබිණ
No comments:
Post a Comment