අතවරයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු මවකි. ඉකුත් 28 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇති අතර තමන්ට වු අපරාධය සම්බන්ධයෙන් කාන්තාව පොලීසියට පැමිණිළි කර ඇත්තේ ඊයේ ( 03) දිනයේය.
තම ස්වාමි පුරුෂයා විදේශ රටක සේවය කරමින් සිටින බවත්, සිද්ධිය වු දිනයේ තමන් අවශ්‍යතාවයක් සදහා හලාවත නගරයට පැමිණි බවත් පැමිණිළිකාරිය පොලීසියට පවසා ඇත.
එම අවස්ථාවේදී තමා පසු පසින් පැමිණි සැකකරු බලහත්කාරයෙන් තමන්ව සුදු පැහැති වෑන් රථයක දමා ගෙන හලාවත - බණ්ඩාරවත්ත ප්‍රදේශයේ අවන්හලකට ගෙන ගොස්
දුෂණය කළ බවද පැමිණිළිකාරිය වැඩිදුරටත් තම පැමිණිල්ලේ සදහන් කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුව පැමිණිළිකාරිය හඳුනා ගෙන ඇති බව පොලීසිය කියයි. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
No comments:
Post a Comment