HIRU TV

Wednesday, October 2, 2013

hot news for megamuwa

ගායිකාවකගේ පුංචි අම්මා නිරුවත් කර පිංතූරගත් තරුණයා රිමාන්ඩ්

hot news for megamuwa 
ManArrest 410px 13 10 02HIRUNEWSඅනියම් බිරියට පහරදී නිරුවත් කර ඡායාරූප සහ වීඩියෝ රැගෙන ඒවා අන්තර් ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවී සිටි තරුණයකු ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඒ.එම්.පී. සමරසිංහ මහතා නියෝග කළේය.
බන්ධනාගාරගත කළ අය මීගමුවේ ප‍්‍රසිද්ධ ගොඩනැගිලි භාණ්ඩ වෙළඳසලක හිමිකරුවෙක් බව පැවසේ.
පහර කෑ බව කියන කාන්තාව ජනප‍්‍රිය ගායිකාවකගේ පුංචි අම්මා කෙනකු බව ද පැවසේ.
අදාල කාන්තාව 37 හැවිරිදි වියේ පසුවන අතර, තරුණයා 28 හැවිරිදි වියේ පසුවෙන්නෙක් බවද වාර්තා වේ.
එම කාන්තාවගේ සැමියා විදේශගතව සිටින බවද
පැවසේ.
මොවුන් අතර වසර 5ක පමණ කාලයක තිස්සේ අනියම් සබඳතාවක් තිබී ඇතැයි පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
අදාළ කාන්තාව වෙනත් පුද්ගලයන් සමඟ අනියම් සබඳතා පවත්වන බවට තොරතුරු ලැබීමෙන් පසු සැකකරු විසින් ඇය ගෙන ගොස් පහර දී ඇය නිරුවත් කොට ඡායාරූප හා වීඩියෝගත කොට, ඒවා අන්තර්ජාලයට මුදාහැරි බවට එම කාන්තාව විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

No comments:

Post a Comment