HIRU TV

Sunday, October 13, 2013

Ranil's boy in a video with a white girl

රනිල්ගෙ කොල්ලා, සුදු කෙල්ල හා වීඩියෝවක !

Ranil's boy in a video with a white girl

Pavan 410px 13-10-13hirunewsජනප්‍රිය ගායක රනිල් මල්ලවාරච්චිගේ පුත් පවන් ඉදුවර මල්ලවආරච්චිගේ කුළුදුල් ගීත වීඩියෝව එළිදක්වා තිබේ.
මේ ගීත රූපරචනය ෂෝ මී යුවර් ලව් (Show Me Your Love) නැමැති ගීත සදහා සිදුකර ඇත.
අදාල රූපරචනයේ පවන්ගේ ඔස්ට්‍රේලියානු පෙම්වතිය වන ඇඩෙල් (Adele) ද පෙනී සිටියි.
එහි දුමී (Dumi) නම් තවත් සිංහල යුවතියක් ද පෙනී සිටී.
පවන්ගේ සීයා වන මිල්ටන් මල්ලවආරච්චිගේ ජනප්‍රිය ගීයක් වන 'එදා රෑ ගුවන් තොටුපලේදී' ගීය ෂෝ මී යුවර් ලව් (Show me your love) ලෙස ඉංග්‍රීසියට නගා තිබේ.
එහි පද රචනයද පවන් විසින් ම සිදුකර ඇත.
භාතිය ජයකොඩිගේ රී මික්ස් සංගීතයෙන් එය සංගීතවත්ව
ඇති බවද පැවසේ.
මේ අතර, ඔහුගේ වෙබ් අඩවිය වන පවන් මල් ඩොට් කොම්  (www.pavanmal.com) වෙබ් අඩවියද පසුගියදා විවෘත කෙරුණ බව මෙල්බර්න් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පවන්  සිය පාසලේ ජනප්‍රිය චරිතයක් බවද පැවසේ.
පවන් ක්‍රිකට් ක්‍රීඩාවටද දස්කම් දක්වන බව වාර්තා වේ.
පවන්ගේ පියා හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පාසල් සමයේදී (නාලන්දා විදුහල) එකම කණ්ඩායම නියෝජනය කළ අය වෙති.
රනිල්, සිය පුතු හා දියණිය සමග මේවන විට ජීවත්වන්නේ මෙල්බර්න් අගනුවරය.

No comments:

Post a Comment