hirunews'හිරු' රුපවාහිනිය විසින් සජීවී ලෙස විකාශය කෙරෙන 'බලය' නමැති වැඩසටහනට සහභාගිවන බවට එකඟව සිටි දයාසිරි ජයසේකර මහතා අවසන් මොහොතේදී ඊට සහභාගිවීමට නොහැකි බව දැනුම්දී ඇතැයි වාර්තාවේ.වයඹ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමව තිබු මෙම වැඩසටහනට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතාට හා සන්ධාන මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතාටත්, විපක්ෂය වෙනුවෙන් හරින් ප්රනාන්දු හා අඛිල විරාජ් කාරියවසම් යන එජාප මන්ත්රීවරුන්ටත් ආරාධනා කර තිබී ඇත.
හරින් ප්රනාන්දු හා අජිත් පෙරේරා මන්ත්රීවරුන් තමාට 'මඩ' ගසන බව පවසමින්, ඔවුන් සහභාගිවන වැඩසටහන් තමා සහභාගී නොවන බව ජයසේකර මහතා මුලදී පවසා තිබු හෙයින්, හරින් ප්රනාන්දු මහතා වෙනුවට රංජන් රාමනායක මහතාට ආරාධනා කිරීමට වැඩසටහන් සංවිධායකයින්
කෙසේවුවද, තමාට හදිසි වැඩසටහනක් දී ඇති බව පවසමින්, දයාසිරි මහතා මෙම වැඩසටහනට ඒමට නොහැකි බව දන්වා ඇත. ඒ වෙනුවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පුත්තලම් දිස්ත්රීක් මන්ත්රී අරුන්දික ප්රනාන්දු මහතාට ආරාධනා කර ඇතැයි වාර්තාවේ.
මෙම රුපවාහිනි සජීවී වැඩසටහන අද (15) රාත්රී 10.00 සිට සජීවී ලෙස විකාශය වේ.
No comments:
Post a Comment