hirunewsසිවුරක් දමාගෙන සොරකමේ යෙදුනු බවට සැකපිට පුද්ගලයකු මාතලේ පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ලග්ගලදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කලකට පෙර පැවිදිව පසුව සිවුර හැර ගිහිගෙට ඇතුලු වූවෙක් බව පොලිස් මූලික පරීක්ෂණවලදී හෙලිවී තිබේ.
මොහු අල්ලාගෙන ඇත්තේ ලග්ගල මිනිරන්කැටිය ප්‍රෙද්ශයේ සිය බිරියගේ නිවසේ සිටියදීය.
බිරිය ජීවත් කිරීමට මොහු සිවුරක් දමාගෙන විහාරස්ථානවලට ගොස් කොල්ලකෑම් සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලින්
හෙලිවී ඇත.
සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ එලෙස මාතලේ පොල්කොටුව ප්‍රෙද්ශයේ විහාරස්ථානයකින් රුපියල් 50,000ක් හා ඩිජිටල් කැමරාවක් සොරකම් කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුවය.
No comments:
Post a Comment