HIRUNEWSනිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුන ආරක්ෂක හමුදා සෙබළුන් රාත්‍රී යාමයේ සිය නිවෙස්වලට පැමිණ තර්ජනය කරන බව පවසන වැලිවේරියේ ප්‍රදේශවාසීහු, ප්‍රදේශයේ නීතිය සහ සාමය රැකීම පොලිසියට භාර දෙන මෙන් බලධාරීන් ගෙන් ඉල්ලීමක් කරති.
මාධ්‍යවේදීන් හමුවේ, ඔවුන් ඒ බව පැවසුවේ අගෝස්තු පළමු වැනි දින උද්ඝෝෂණය කළ ජනතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන හමුදා පරීක්ෂණය වෙනුවෙන් සාක්ෂි දීම පිණිස වැලිවේරිය පොලිසියට පැමිණි අවස්ථාවේදී ය.
පළාතේ බොහෝ දෙනා තවමත් භීතියෙන් පසුවන බැවින් සාක්ෂි දීම පිණිස පැමිණ සිටියේ ඉතා සුළු පිරිසක් බව පවසන මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න මහතා, කෙසේ නමුත් හමුදාව නොපැමිණීම හේතුවෙන් සාක්ෂි විභාගයක් නොපැවති බව ද සඳහන් කරයි.
තත්වය පිළිබඳව
ප්‍රදේශවාසීන්ට නීති ආධාර ලබා දීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් ද වැලිවේරියට පැමිණ සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට හමුදාවට නීත්‍යානුකූල අයිතියක් නැති බව එම නීතිවේදීහු අවධාරණය කළහ.
No comments:
Post a Comment