hirunews'' මානසික විෂාදය හේතුවෙන් කිහිපවරක්ම දිවි නසා ගැනීමට පවා උත්සාහ කළා. මගේ ගේ පිච්චීම නිසා මානසික තත්ත්වය හොඳවුණා. හේතුව බැඳීම් අඩුවීමයි... තෑන්ක් යූ චන්ද්‍රිකා! '' යැයි ප්‍රවීණ රංගනවේදිනී අනෝජා වීරසිංහ මහත්මිය පැවැසුවාය.
මා එසේ ස්තුති කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජය කාලේ එම සිද්ධිය සිදුවූ නිසා බවද ඇය කීවාය.''අනිත්‍ය පෙන්වා දුන්නාට ගොඩක් ස්තුතියි.''
'' මා හත්වරක් දිවි නසා ගන්න හැදූ කෙනෙක්. මගේ පෙර පිනකට හෝ මගේ සේවය අවශ්‍ය අයගේ පිනට හෝ මා මැරුණේ නැහැ'' යි ද අනෝජා වීරසිංහ කීවාය.
ඇය එසේ පැවැසුවේ අද (10දා) ට යෙදෙන ලෝක සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (9දා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.
නිවෙස ගිනි තැබීම නිසා ඇගේ මානසික විෂාදය වැඩිවී දිවි නසා ගැනීමට සිතුණා දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කෙළේය.
"අපවාදය - සියදිවි හානි කර ගැනීම වැළැක්වීමට ඇති
ප්‍රධාන බාධකයක්" යන්න ලෝක සියදිවි හානි කර ගැනීම වැළැක්වීමේ දින මෙවර තේමාව වේ.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට එරෙහිව ජනප්‍රිය ගායක යුවලක් වන රූකාන්ත හා චන්ද්‍රලේඛා යොදා ගැනීමට ද ආණ්ඩුවේ මාධ්‍ය පසුගිය සති කිහිපයේ උත්සහ කළේය.
No comments:
Post a Comment