hirunewsමරණ බවට දුරකථනයෙන් තර්ජන කර විවිධ පුද්ගලයන්ගෙන් කප්පම්ගෙන එම මුදල් තම ගිණුමට බැර කරගැනීම හා කප්පම් මුදල් ලබාගැනීමට අනුබලදීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්රදේශයේ දී තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය ලද තොරතුරක් අනුව සැකකාරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුව
ට ගෙන ඇත්තේ 22 හැවිරිදි කාන්තාවකි.
සැකකාරිය අළුත්කඬේ අංක 01 මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 05 ක ශරිර ඇප මත මුදවාහැර ඇති බවද මේ අතර වාර්තා වේ.
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
No comments:
Post a Comment