hirunewsකුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් වයඹ පළාත් සභාවට තරඟ වැද සිටින දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා, රුපියල් කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් 'හමර් රථයක් ලබාදී දී තිබු කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක නැමැත්තා, පසුගියදා 'පැහැරගැනීමකට' ලක්වූ බව පැවසුනද, එය දයාසිරි ජයසේකර මහතාට ප්රචාරක වාසි ලබා ගැනීමට සිදුකල සැලසුම් සහගත ප්රචාරක වැඩසටහනක් දැයි බරපතල සැකයක් මතුව තිබේ.
මේ පිළිබඳව ලැබුන පැමිණිල්ලක් මත, වාරියපොල, කොස්වත්ත ප්‍රදේශයේදී පැහැර ගනු ලැබ, පසුව අනුරාධපුරයෙන් හමුවු බව කියන එම කෝටිපති ව්‍යාපාරිකයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
අදාල පැහැර ගැනීම ඔහු විසින්ම සැලසුම් කළ එකක් බවට තොරතුරක් ලැබී තිබීම
නිසා මෙම කැඳවීම සිදුකර ඇති බව ගුවන් විදුලි නාළිකාවක වෙබ් අඩවියක්ද සඳහන් කර තිබිණි.
මුලින් පළවු වාර්තාවන්ට අනුව අදාල පැහැර ගැනීම සඳහා ජිප් රථයක් යොදා ගැනුණු බව ප්‍රකාශ කෙරුණ ද, එහෙත් එකී පැහැර ගැනීම සිදුවුයේ බස් රථයකින් බව පැහැරගැනුණු ව්‍යාපාරිකයාගේ ඥාති පුත්‍රයෙකු පසුව ප්‍රකාශ කර තිබේ.
No comments:
Post a Comment