hirunewsනිදහස් චතුරස්‍ර භූමියෙන් බෞද්ධ කොඩි ඉවත් කරන ලෙසත්, හිටපු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතා ගේ පිළිරුව නිදහස් චතුරස්රයෙන් ඉවත් කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කලේ දැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන්පිල්ලේ මහත්මිය වෙත ඊයේ (09) ලිපියක් යොමු කරකරමින් විමසා ඇත.
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේ දී රජයෙන් එවැනි ඉල්ලීමක් කර ඇතැයි ආණ්ඩුව පවසන ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා එම ලිපියෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී.එස්. සේනානායක නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා මෙන්ම, තම පක්ෂයේ සමාරම්භක නායකයා බව ද විපක්ෂ නායකවරයා මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රකාශය පිළිබදව පැහැදිලි කිරීමක් කඩිනමින් බලාපොරොත්තු වන බව විපක්ෂ නායකවරයා තම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේවුවද සති අන්ත පුවත් පතක් හා සාකච්චාවකට එක් වෙමින් නාගරික
සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, '' එයා කොළඹ නිදහස් චතුරශ්‍රයෙ තියෙන ඞී.එස්. සේනානායක මැතිතුමාගෙ පිළිරුවටත්, බෞද්ධ කොඩියටත් විරෝධය පලකලා.'' යයි සඳහන් කර තිබිණ.
'' දේශපාලන මතය මොකක් වුණත්, මේ රටේ පළමු අගමැතිතුමා ගැන එහෙම කියන්න එයාට තියෙන අයිතිය මොකක්ද? රජය ව්‍යවස්ථාවෙන් බුදුදහම රකින්න පොරොන්දු වෙලා තියෙනව.එයාට ඒවා ගැන අහන්න අයිතියක් නෑ. එයා ඒවයෙදි සීමාව ඉක්මවලා ගියා'' යයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා තිබිණ.
No comments:
Post a Comment