hirunewsඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන ලෙස බල කරමින්, කොළඹ බලා ගමන් ආරම්භ කළ 'ශිරාල් -මෛත්‍රී පා ගමන' විසිරුවා හරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් එම නියෝගය නිකුත්කර ඇත.
එම තහනම් නියෝගය අනුව මාතර කඹුරුගමුව ප්‍රදේශයේදී පෙළපාලිය විසුරුවා හරින්නට පොලිසිය කටයුතු කළේය
එම පා ගමන සංවිධානය කරන කමිටුවේ සාමාජික බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පැවසුවේ පොලීසිය මගින් එම නියෝගය තමන් වෙත භාරදුන් බවයි. ඒ අනුව අද දිනට පා ගමන නතර කළ බවත් එහි ඉදිරි කටයුතු පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් ශිරාල් ලක්තිලක
මේ සම්බන්ධයෙන් අද මාතර පැවති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර මහතා කියා සිටියේ, ශිරාල් ලක්තිලක ජේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා හමුවී කල ඉල්ලීමක් මත, පොලිසිය ඔවුන්ගේ පෙළපාලිය නැවත්වීමට උසාවි නියෝගයක් ගත් බවයි. එවැනි නියෝගයක් ගන්නා ලෙස එජාපයෙන් කිසිඳු ඉල්ලීමක් නොකළ බවද ඔහු කියා සිටියේය.
හෙට පෙළපාලි යන්නට ඔවුන්ගේ පිරිස් නොමැතිවීමේ ලැජ්ජාව වසා ගැනීමට මෙවැනි ඉල්ලීමක් කර ඇතැයි සමරවීර මහතා වැඩිදුරටත් පැවසිය.
No comments:
Post a Comment