HIRU TV

Wednesday, September 4, 2013

Girl molested while learning to dance

නැටුම් උගන්වන මුවාවෙන් දැරියට අතවර කරලා

Girl molested while learning to dance

 
Girl reped 410px 14-07-12hirunewsදෙහිඅත්තකණ්‌ඩිය බඹරවාන ප්‍රදේශයේ නැටුම් විෂය දරුවනට උගන්වන මුවාවෙන් බාල වයස්‌කාර දැරියක්‌ රවටා මහනුවර ප්‍රදේශයට ගොස්‌ ස්‌ථාන කීපයකදී දින ගණනාවක්‌ දැරිය සඟවා අතවරයට ලක්‌ කොට පළාගොස්‌ සිටි සැකකරු පොලිසියට කොටුවෙයි.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ චීවරධාරියකු ලෙස වෙස්‌වලාගෙන සිටි බවත් පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිස්‌ ආරංචි මාර්ග පවසති.

ඉකුත් 2 දා අතවරයට ලක්‌වූ දැරියගේ මව විසින් දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීම මත මීට පෙරද විවාහ හතරක්‌ සිදු කරගෙන සිටි බවද ඔවුන්ට දාව දරුවන් සිටින බවටද ප්‍රකාශ කර ඇත.

සැකකරු දිවයිනේ ප්‍රදේශ ගණනාවක විවිධ නම් වලින් පෙනී සිටි බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

සැකකරු චීවරධාරියකු ලෙස ප්‍රදේශයේ සැරිසරා ඇති අතර මධුරංග, ආරියපාල මාස්‌ටර් නාට්‍ය නාමල්, විරිඳු ආරි වශයෙන්ද විවිධ නම් වලින් පෙනී සිටිමින්  විවිධ අක්‍රමිකතා සිදු කර ඇති
බව පොලිසිය පවසති.

සැකකරු 2 දින දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය ඉදිරිපත් කරන ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ලබන 12 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තැබීමට දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කෙරුණි.

No comments:

Post a Comment