HIRU TV

Saturday, September 21, 2013

Youth arrested for mocking a girl given bail

තරුණියට ''පට්ට කෑල්ල'' කියු තරුණයින්ට ඇප

Youth arrested for mocking a girl given bail

 
car sexy girl 410px 21-09-13hirunewsකොල්ලූපිටියේ සෙන්ට් ඇන්තනීස් පාරේ ප්‍රකට පුද්ගලික ආයතනයක කළමනාකාරවරියක ලෙස සේවය කරන සුරූපි තරුණියකට අපහාස වන ආකාරයෙන් කතා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තරුණයින් තිදෙනෙකු, කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කර ඇප මත මුදාහැර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා මේ ගැන කරුණු විභාග කළ අතර නඩුව නැවත කැඳවන්නට දින නියම කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුයේ, සෙන්ට් ඇන්තනීස් පාරේ පදිංචි හර්ෂණ රණතුංග, ගිහාන් රොද්‍රිගු සහ රොහාන් පෙරේරා යන තරුණයින්ය.

 පසුගිය සඳුදා සිය පෙම්වතා සමග රථ ගාලකට යමින් සිටියදී අතරමග එම තරුණිය නවතාගත් තරුණයින් තිදෙනා ඇයට ප්‍රසිද්ධියේ නොමනා වදන් පැවසුවේ යයි නඩුව  ගොනු කර තිබිණ.

තරුණයින් තිදෙනා ''ආ..ගුඩ් මෝනිං නංගී.. ඔයා පට්ට කෑල්ලක් නේ
..'' ආදී නොමනා යෙදුම් භාවිත කරමින් උසුළු විසුළු කර ඇති බවත්, එයට විරුද්ධව දෙදෙනා කථා කරන්නට ගිය විට ඔවුන් මෙම දෙදෙනාට වාහනයට නගින්නට ඉඩ නොතබා අවහිර කරන ලද බවත් අධිකරණයේදී අනාවරණය විය.

ඇය එදින සිය සේවා ස්ථානයට ගොස් නැවත වාහනයෙන් පිටත්ව යන්නට එළියට ඇවිත් ඇත්තේ රාජකාරී අවශ්‍යතාවයට පුහුණු වැඩමුළුවකට සහභාගී වන්නටය.

එම අවස්ථාවේ ඇගේ පෙම්වතා සමග ඇය රථ ගාල වෙත ගමන් කළත් අතරමගදී මුණගැසුණ තරුණයන් ඇය ගමන් කරන්නේ පෙම්වතා සමග බව අවබෝධ කරගෙන නැති අතර ඔහු පාරේ යන වෙනත් පුද්ගලයෙකු යයි සිතා ඇත.

''ඔයා පට්ට කෑල්ලක් නේද?'' යයි ඇගෙන් අසන අවස්ථාවේ පාරේ තවත් අය ගමන් කළ බවත් තම කාර්යාලයේ සේවකයින් පවා ඒ අතර සිටි බවත් ඒ අය උපහාසයෙන් සිනාවෙමින් ගමන් කළ බවත් නඩුව ගොනු කරමින් ඇය ප්‍රකාශ කර ඇත.

තරුණයින්ට විරුද්ධව කළමනාකාරවරිය සහ පෙම්වතා කථා කරන්නට ගිය විට ඔවුන් අවනත නොවී ජීවිතේට අසා නැති පරුෂ වචන කියමින් තමන් අපහසුතාවයට පත්කළ බවත් ඇය ප්‍රකාශ කර තිබේ.  මේ හේතුව නිසා තමා ලජ්ජාවට පත්වූ බවත් ඇතිවූ මානසික පීඩාව නිසා සියලූ වැඩකටයුතු අවුල්වී ගිය බවත් ඇය සිය පැමිණිල්ලේ දක්වා ඇත.

No comments:

Post a Comment