hirunewsදයාසිරි ජයසේකර මහතාට මැතිවරණ කටයුතු සඳහා ‘හමර් රථය’ ලබාදී තිබු, තිස්සමහාරාම කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන සරත් රත්නායක මහතා ඊයේ (04) රාත්‍රී සිට අතුරුදන් බව පවසා ඒ මහතාගේ බිරිඳවන ඩී.ඩබ්. දීපානී චන්ද්‍රිකා මහත්මිය හොට්ටිපොළ පොලිස්සියට පැමිණිළි කොට තිබේ.
කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඒ මහතා ප්‍රකට ‘රුවිණි ෆාම්’ හිමිකරුවාද වෙයි.
ඊයේ (04) සවස වාරියපොළ පැවති ‘ජනපති ජනහමුව’ බලන්නට කියා ඒ මහතා තම පෞද්ගලික කැබ්රියෙන් නිවසින් පිටව ගොස් තිබේ. ඒ අතර මිතුරෙකුගේ නිවසට ඔහු ගොස් ඇති බවත් පස්වරු පහට ඔහු බිරිඳට දුරකතන ඇමතුමක් දුන් බවත් පැවසේ.
අවසන් වරට රාත්‍රී 8.30 ට පමණ ඒ මහතා බිරියට කතා
කොට විනාඩි පහකින් එන බවත් පැමිණ කෑම කමු කියාත් පවසා තිබේ. එහෙත් මේ වනතුරු ඒ මහතා නිවසට පැමිණ නැති බව කියමින් බිරිඳ පොලිසියට පැමිණිලි කොට තිබේ.
No comments:
Post a Comment