hirunewsදුරකථන ඇමතුමක් මාර්ගයෙන් හදුනාගත් අයෙකු හා පෙමින් වෙලුන බාලවයස්කාර දැරියක් එම පුද්ගලයා විසින් කෙලෙසූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා විසින් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු දැරිය හමුවූ පළමු අවස්ථාවේම මෙම අපරාධය සිදුකර ඇති බව අධිකරණයේදී හෙලිවිය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතකර ඇත්තේ තඹුත්තේගම ප්‍ර දේශයේ පදිංචි යුද හමුදාවේ සේවය කරනු ලබන 21 හැවිරිදි අයෙකි.
අපහරණයට ලක්ව ඇත්තේ කොස්ගොඩ වතුරවෙල පදිංචි 15 හැවිරිදි දැරියෙකි.
දැරිය බලන්නට ඇගේ නිවසට පැමිණ ටික වේලාවක්
කතාබහකරමින් සිට පසුව ඇය ඇගේ මිත්තනියගේ නිවසට කැදවාගෙන ගොස් මේ අපරාධය සිදුකර ඇත.
දැරිය බුද්ධිමත් භාවයෙන් අඩුබවත්, සුරූපී නොවන නිසාත් මේ අපරාධය සිදු කර ඇති බව ඒත්තු යන්නේ යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
දැරිය බැලීමට පැමිණි සැකකරු දැරියගේ දෙමාපියන්ගේ ආහිර්වාදය ඇතිව එහි ගියද දිවා ආහාරයද ලබා නොගෙන පිටවී ඇති බව අධිකරණයේදී හෙළි විය.
No comments:
Post a Comment