
ඒ සම්බන්ධයෙන්, 'නෙත් නිව්ස්' ගුවන් විදුලිය කල විමසීමකදී, පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ, තම අපේක්‍ෂකයින් මත්පැන්වලින් තොර දේශපාලනයක් සිදුකරන බවයි.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ අපේක්‍ෂකයින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මත්පැන් භාවිත කරන නමුත්, පුත්තලම දිස්ත‍්‍රික්කයේ කිසිවෙකුත් මත්පැන් බෙදා හරිමින් මැතිවරණ ප‍්‍රචාරණයේ නොයෙදන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා එහිදී අවධාරණය කළේය.
කෙසේවෙතත් පුත්තලම දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු පළාත් සභා මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයින් තිදෙනකුට මත්පැන් බෝතල් තොගයක් ලබාදිමේ
.
එලෙස එක් පළාත් සභා අපේක්‍ෂකයෙකු වෙත ලබාදුන් මත්පැන් බෝතල් තොගයක් වෙන්නප්පුව පොලිස් බල ප‍්‍රදේශයට අයත් හලාවත පුත්තලම මාර්ගයේ නයිනමඩුව ගම්මානයේ නිවසක් පිටුපස සඟවා තබා ඇත.
එලෙස එක් පළාත් සභා අපේක්‍ෂකයෙකු වෙත ලබාදුන් මත්පැන් බෝතල් තොගයක් වෙන්නප්පුව පොලිස් බල ප‍්‍රදේශයට අයත් හලාවත පුත්තලම මාර්ගයේ නයිනමඩුව ගම්මානයේ නිවසක් පිටුපස සඟවා තබා ඇත.
තවත් අපේක්‍ෂකයෙකුට ලබා දුන් මත්පැන් බෝතල් තොගයක් සඟවා ඇත්තේ දංකොටුව පොලිස් බලප‍්‍රදේශයට අයත් එම අපේක්‍ෂකයාගේ නිවසේය.
එමෙන්ම එම අපේක්‍ෂකයාටම ලබා දුන් තවත් මත්පැන් බෝතල් තොගයක් දංකොටුව පෝසිලේන් පිඟන් කම්හල ඉදිරිපිට පිහිටි අදාල අපේක්‍ෂකයාගේ සහෝදරයෙකුගේ නිවසේ සඟවා ඇති බව 'නෙත් නිවුස්' වාර්තා කළේය.
අදාල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා විසින් තවත් අපේක්‍ෂකයෙකුට ලබාදුන් මත්පැන් බෝතල් තොගයක් වෙන්නප්පුව සම්බෝධි මාවතේ පිහිටි එම අපේක්‍ෂකයාගේ නිවසේ සඟවා තබා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ නිරික්‍ෂණ සංවිධාන කිහිපයක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාට ද පැමිණිලි කර ඇත.
No comments:
Post a Comment