
ඔහු අතරමන්ව ඇත්තේ හය හැවිරිදි වියේ පසුවෙද්දීය.
නමින් ගනේෂ් රඝුනාත් නම් දරුවා අනාථ නිවාසයක හැදී වැඩී ඇති අතර, තරුණ වියට පත් ඔහු පොලිස් සේවයට බැඳී මුම්බායි නගරයේ රැකියාව කරමින් සිට ඇත.
වසර 24ක් පුරා ගනේෂ් රඝුනාත්ගේ එකම අධිෂ්ඨානය වී තිබී ඇත්තේ තම දෙමව්පියන් ඇතුළු පව්ලේ සාමාජිකයන් සොයා ගැනීම බව පැවසේ.
ගනේෂ් රඝුනාත්ට තිබුන එකම පිළිසරණ සිය මවගේ නම වන ‘මන්ඩා’
යන වචනය ඔහුගේ දකුණු බාහුවේ පච්චයක් හැටියට කුඩාකල ම කොටා තිබීම බව වාර්තා වේ.
ගනේෂ් රඝුනාත් එම පච්චය එකම පිළිසරණය කර ගනිමින්, සිය මව සොයා යමින් සිටි අතර එක්තරා නිවසක සිටි මහළු කාන්තාවකට සිය බාහුවේ ඇති පච්චය පෙන්වා කතාන්දරය කියද්දී එම මහළු කාන්තාව අඬා වැටෙන්නට වූවා ය.
‘මන්ඩා’ නම් වූ ඇය ගනේෂ් රඝුනාත්ගේ මව වේ.
No comments:
Post a Comment