HIRU TV

Wednesday, July 17, 2013

Super Stars have no shame – Priya


hirunews
Priya S 410px 17-07-13සුපර් ස්ටාර්ලා වන අය ලැජ්ජා නැති අය බව ජනප්‍රිය ගායක ප්‍රියා සූරියසේන කියයි.
අනුන්ගේ ගීත ගායනා කරන සුපර් ස්ටාර්ලා ගැන මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
ඔවුන්ට ලැජ්ජාවක් ඇත් නම් ඔවුන් අනුන්ගේ ගීත ගායනා නොකරන බව ද කියන ප්‍රියා එසේ අනුන්ගේ ගීත ගායනා රන ඔවුන්ට නරඹන්නන්ගේ හූ හඩවලට මැදිවන්නට සිදුවන බවද ඔහු පවසා ඇත.
තමාගෙන් පසුව තම ගීත අයිති විය යුත්තේ සිය පුතාට බවද ප්‍රියා සදහන්කර තිබේ.
ගීත සොරකම ගැන පාර්ලිමේන්තුවටද දැන්වුවද ප්‍රතිථලයක් නොවූ බවත්, කියන ප්‍රියා දැන් පවතින නීති ගීත හොරුන් අල්ලන්න ප්‍රමාණවත් නැතැයිද පවසා ඇත.
ඔහුගේ වැඩිමහල් දියණිය වෙද්‍යවරියක්ද, දෙවැනි දියණිය බැංකු විධායක වරියක්ද, පුතු ඇමරිකාවේ ආචාර්ය උපාධියක් සදහා අධ්‍යාපනය ලබන බවත්, බාල දියණිය උපාධි අපේඛෂාවෙන් අධ්‍යාපනය ලබන බවත් ඔහු වැඩි දුරටත් හෙලි කර තිබේ.

No comments:

Post a Comment