HIRU TV

Sunday, October 6, 2013

news for Vijaya Kumaratunga


news for Vijaya Kumaratunga
hirunewsවිජය කුමාරතුංගට වෙඩි තිබ්බෙ නොයෙල් අමරසිංහ ළඟ හිටපු ''හෙට්ටි'' කියලා එකෙක්

පරම්පරා හයියත්, තම නොසණ්ඩාලකමුත් එකට මුසුකරගත් නොයෙල් අමරසිංහ ඒ හරහා දැවැන්ත පාතාල චරිතයකට පණ පෙව්වේය. ලංකා පාතාලයේ 'මාස්ටර් බේබි' යන විරුදාවලිය ලත් නොයෙල් අමරසිංහ පාතාලයේ සුපිරි වැඩකරුවන් වූ චින්තක අමරසිංහ සහ ධම්මික අමරසිංහට නෑදෑකමට වන්නේ මාමාය. ලේ දැකීමේ විකෘති ආශාවෙන් ගොඩනැඟුණු එම පාතාල භූමිකාව හරහා දිගහැරෙන අශෝභන කතාවයි මේ.


නම හෙළිකිරීමට නොහැකි පුද්ගලයකුගේ සංවාදයක් හරහා ගොඩනැඟෙන මෙම කතාබහ ලංකා පාතාලයේ වැළලී ගිය රහස් ගණනාවක හෙළිදරව්වක් ලෙස නම් කිරීම වරදක් නොවේ.


• 'නොයෙල් අමරසිංහ' කියන චරිතය කොහොමද නිර්මාණය
වන්නේ?


නොයෙල් අමරසිංහගේ තාත්තා තමයි ජස්ටින් අමරසිංහ. ඒ කාලේ ගමේ හොඳ චණ්ඩියෙක්. මේ කට්ටිය මොකක්ද පවුලේ ප්‍රශ්නයකට ජස්ටින් අමරසිංහගේ මල්ලි කෙනෙක්ව මරනවා. ඒ කියන්නේ තාත්තලා, පුතාලා එකතුවෙලා තමයි එයාව මරන්නේ. නොයෙල්, එතකොට එයාගේ තාත්තා මේ නඩුවට රිමාන්ඩ් වෙනවා. නොයෙල් අමරසිංහගේ පළමුවැනි මර්ඩර් කේස් එක ඒක. ඊට පස්සේ ඇප තියලා ආවට පස්සෙ නොයෙල්ට ගමේ මිනිස්සු සලකන්න පටන් ගත්තා. ගමේ ඉන්න කොල්ලොත් නොයෙල්ට සෙට් වුණා. නාවල එරික්, නොයෙල්ට ෆුල් සපෝට් එක දුන්නා. ඔය අතරතුරේමයි ඔරුගොඩවත්තේ අර්ජුන්ව කට්ටියක් මරන්නේ. ඒ මළගෙදර දවසේදී නොයෙල් අමරසිංහ සැකේට ළඟ හිටපු යාළුවෝ දෙන්නෙක්ව වෙඩි තියලා මරනවා. ඒ මර්ඩර් දෙකත් එක්ක තමයි නොයෙල් ගොඩක් නැඟලා එන්නේ. නොයෙල්ලාගේ පවුලට කියන්නේ 'පොළොං පවුල' කියලා. නොයෙල් දිහා කවුරුහරි බැලුවොත්, හදිස්සියේ සැකයක් ආවොත් උෟව මරනවා. ඒ නොයෙල්ගේ හැටි. ඒ වගේ මොරාල් එකකින් තමයි නොයෙල් ජීවත් වුණේ. ඒ කාලේ නොයෙල්ට පුදුම බයකින් කට්ටිය හිටියේ. ඒ වගේම විශාල කොල්ලෝ ගැන්සියක් නොයෙල් ළඟ හිටියා.


• නොයෙල් අමරසිංහ විජය කුමාරණතුංග ඝාතනයට හවුල් වූ බවට රාවයක් තිබෙනවා. එහි සත්‍යතාවක් තියෙනවාද?


විජය කුමාරණතුංග ඝාතනය කළේ ජ.වි.පෙ.න්. ඒකෙ දෙකක් නැහැ. විජය කුමාරණතුංග මහත්තයට වෙඩි තිබ්බේ නොයෙල් අමරසිංහ ළඟ හිටපු හෙට්ටි කියලා එකෙක්. උෟ තමයි ජ.වි.පෙ. එකේ හොඳ හොඳ ගේම් දුන්නේ. නොයෙල් අමරසිංහ උෟව ඔබේසේකරපුර කාමරයක නතර කරන් ඉඳගෙන උෟට රැකවරණය දුන්නා.


• ඒ කියන්නේ නොයෙල් අමරසිංහ දැනුම්වත්ව තමයි විජය කුමාරණතුංග ඝාතනය වෙන්නේ?


ඒක මට සීයට සීයක් කියන්න බැහැ. හැබැයි ඔය හෙට්ටි කියන පුද්ගලයාව තියාගෙන හිටියේ නොයෙල්. ඒ අස්සේ නොයෙල්, නොයෙල්ට ඕන දේවලුත් හෙට්ටි ලව්වා කරගත්තා. පස්සේ ඒ වැඩේ ලීක්වුණේ පොල්හේන්ගොඩ ලයනල් කියලා එකෙක් නිසා. උෟගේ ගෙදර තමයි විජය කුමාරණතුංග මහත්තයා මරන්න ආපු රෝඩ් මාස්ටර් 250 මෝටර් සයිකලය සති දෙක තුනක් තිස්සේ හංගලා තිබ්බේ. අන්තිමට උගේ කටින් වචන දෙක තුනක් එහෙ මෙහෙ පිටවෙලා තිබ්බා. අන්තිමට ලයනල්ගේ පොල්හේන්ගොඩ ගෙදරට ඇවිල්ලා කට ඇතුළට පිස්තෝලේ දාලා කට කුඩුවෙන්න වෙඩි තියලා මරලා දාලා තිබ්බා.


• ඔබ හිතන විදියට විජය කුමාරණතුංග ඝාතනය ජ.වි.පෙ. සිදුකළේ කුමන හේතුවක් නිසාද?


ඇත්තටම ඒක දේශපාලන ප්‍රශ්නයක්. විජය කුමාරණතුංග කියන්නේ ආයිත් රටකට බිහිවෙන්නේ නැති, රත්තරන් හදවතක්, රත්තරන් මනුෂ්‍යයෙක්. ඒගොල්ලෝ මැරුවේ විජයව නොවේ. විජය දරපු ආකල්පය. ඒ නිසා තමයි විජයට මැරුම්කන්න සිදුවුණේ. විජය කුමාරණතුංගට සැබෑ ඕනෑකමක් තිබ්බා උතුර-නැඟෙනහිර ගැටලුවට දේශපාලන විසඳුමක් දෙන්න. ඔය ඉන්දු-ලංකා ගිවිසුම යටතේ පළාත් සභා ක්‍රමය ගේන්න මුලින් අඩිතාලම දැම්මේ විජය කුමාරණතුංග මහත්තයා. විජය, ඔසීලා ගිහිල්ලා ප්‍රභාකරන් එක්කත් මේ ගැන කතා කළා. හැබැයි ජ.වි.පෙ. විජයගේ ඒ සංචාරය, ඒ ක්‍රියාව දැක්කේ දේශද්‍රෝහී ක්‍රියාවක් විදියට. රට පාවලා දෙන්න, රට දෙකඩ කරන්න විජය උත්සාහ කරනවා කියන මතයක ජ.වි.පෙ. හිටියෙ. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති විජය මරන්න ජ.වි.පෙ. තීරණය කරන්න ඇත්තේ. ඇත්තෙන්ම ඒක දේශපාලන තීන්දුවක්.


• නොයෙල් අමරසිංහ සහ සොත්ති උපාලි ගැටුම පාතාලයේ විශාල ගැටුමක්. ඒ ගැටුම නිසා තවත් පාතාල නායකයන් විශාල ප්‍රමාණයක් බිහිවෙනවා. මොකක්ද මේ ගැටුමට හේතුව?


ඇත්තටම නොයෙල් අමරසිංහයි සොත්ති උපාලියි අතරෙ මුලින්ම ගැටලුවක් තිබ්බේ නැහැ. දෙගොල්ලෝ එකට හිටියේ. ඔය නොයෙල් ළඟ හිටපු සරත් කියලා එකෙක් කියපු කේලමකට තමයි නොයෙලුයි-සොත්ති උපාලියි ප්‍රශ්නයක් ඇති කරගත්තේ. එතකොට ඔය කඩුවෙල වසන්ත, වසන්තගේ අයියා උපාලි ඔක්කොම එකට හිටියේ. ඊට ඉස්සෙල්ලා නොයෙල් අමරසිංහත් එක්ක ගේමෙ හිටියේ මාදින්නාගොඩ අනිල්ලා. නොයෙල් අමරසිංහ, බරුවා, බත්තරමුල්ලේ විකී, සුදා, කුමාරලා එක පැත්තක්. මාදින්නාගොඩ අනිල්, කොටියාගොඩ රංජි, කොටියාගොඩ නිහාල්ලා තවත් පැත්තක්. මේගොල්ලෝ කසිප්පු බිස්නස් එකට තමයි ඇරගන්නේ. එතකොට මාදින්නාගොඩ අනිල් කුඩු බිස්නස් එක පටන් අරන් තිබ්බේ. අනිල්ට කුඩු ආවෙ කුඩු අල්ලන කට්ටියගෙන්මයි. අනිල් කුඩු වික්කේ ගේ ඉස්සරහ මේස තරාදි තියාගෙන. පොලිසියේ මහත්තුරු පවා අනිල්ට කතා කළේ මහත්තයා කියලා. කොහොමහරි සොත්ති උපාලි අනිල් එක්ක සෙට් වුණා. ඊට පස්සේ නොයෙල්ව මරන්න ඒගොල්ලො ප්ලෑන් කළා. මාදින්නාගොඩ අනිල්ලා ඔබේසේකරපුර සක්කිලිවත්තට බැහැලා එක දවසේ 16 දෙනෙක්ව වෙඩි තියලා, කපලා කොටලා මරලා දැම්මා. තව නොයෙල් අමරසිංහගේ මස්සිනා කෙනෙක් හිටියා රාජගිරියේ ස්ටූඩියෝ එකක් දාගෙන. අනිල්ලා මහ දවල් ගිහිල්ලා ඒ මනුස්සයට වෙඩි තියලා මැරුවා. කොටියාගොඩ නිහාල් හිටියේ අනිල් එක්ක. නිහාල්ගේ මල්ලි කෙනෙක් හිටියා රංජි කියලා.

නොයෙල් අමරසිංහ මාදින්නාගොඩ රංජිව වෙඩි තියලා මැරුවා. ඊට පස්සේ නොයෙල් අමරසිංහගේ අක්කා කෙනෙක්ව අනිල්ලා අරන් ගිහිල්ලා දූෂණය කරලා මරලා බොඩි එක රාජගිරියේ ගල් පල්ලිය ළඟ දාලා තිබ්බා. ඊට පස්සේ ඒකෙ වාඩුව ගන්න නොයෙල්ලා අනිල් ළඟ හිටපු 6 දෙනෙක් වෙඩි තියලා මැරුවා. කොහොමහරි රංජිගේ මර්ඩර් එකට නොයෙල් වැලිකඩ රිමාන්ඩ් වුණා. රිමාන්ඩ් එකේදී නොයෙල් අමරසිංහ මරන්න සොත්ති උපාලි, මාදින්නාගොඩ අනිල්, කොටියාගොඩ රංජි ප්ලෑන් කළා. පළමුවැනි සැරේ ජේලර් මහත්තයකුට ජරාව දීලා ඇතුළට වෙපන් එක ඇරලා තිබ්බා. පස්සේ ඒ කේස් එක මාට්ටු වුණා. නොයෙල්ව ඊට පස්සේ වෙන වෝඩ් එකකට මාරු කළා. කොටියාගොඩ නිහාල් කේස් එකක් අතින් දාගෙන වැලිකඩ රිමාන්ඩ් වුණා නොයෙල්ව මරන්න. සොත්ති උපාලි, අනිල්ලා එකතු වෙලා නිහාල්ට යවපු විසිට් එකේ බත් බාස්කට් එක ඇතුළේ 9ථථ වෙපන් එකක් ඇරියා. ඒ ආයුධයෙන් තමයි වැලිකඩ හිරගේ ඇතුළේදී නොයෙල් අමරසිංහට කොටියාගොඩ නිහාල් වෙඩි තියලා මැරුවේ.

No comments:

Post a Comment