HIRU TV

Sunday, October 6, 2013

NEWS FOR SUREYAVAVA HOT NEWS

සිවු වසරක ප්‍රේමයට පිටුපෑවාට පෙම්වතියගේ නිවෙසට ගිනි තබයි
NEWS FOR  SUREYAVAVA HOT NEWS




hirunews‘අම්මටයි දුවටයි දෙන්නටම පෙට්ටි දෙකක් ලෑස්ති කරගනිල්ලා. උඹලා දෙන්නාට පෙට්ටි දෙකක යන්න ලෑස්ති කරලා මමත් පෙට්ටියක් හදාගන්නවා උඹලත් එක්කලාම යන්න. මම උඹලා ඉන්න ගෙට ගිනි තියනවා....... බලාගනිල්ලා මම කරන දේ......’ කියලා 04 වැනිදා රෑ මට කෝල් කරලා තර්ජනය කළා. ඒ විදියටම මේ නරුමයා මගේ ගෙට ගිනි තියලා.’

මල්ලිකා උඩහගමගේ නම් මේ කාන්තාවගේ කැකණදුර පරවාහැර ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගින්නෙන් විශාල විනාශයක් සිදුවී තිබේ. තම නිවෙසට සිදුවූ අලාභහානිය පිළිබඳ අදහස් දැක්වූ මල්ලිකා උඩහගමගේ කියා සිටියේ තම දුව මීට පෙර විවාහ කරගැනීමට සිටි සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා විසින් මේ අපරාධය සිදුකර ඇති බවයි. මල්ලිකා වසර 09ක කාලයක් විදේශගතව සිට ඉපයූ මුදලින් තනාගත් නිවෙස සහ හරිහම්බකරගත් සියලු දේ එක් නිමේෂයකින් ගිනිදලුවලට හසුවී විනාශ වී ගොසිනි. ඇය විදේශගතව සිට පැමිණ ගතවී ඇත්තේ මාස තුනක් පමණි.

ඇයගේ එකම දියණිය විසිවියැති
උදේශිකා දිල්හානි. වසර හතරක කාලසීමාවක් සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇත. විවාහ ගිවිස ගෙන සිටියද තරුණයා විසින් විටින් විට නිවෙස සහ දේපොළ ඉල්ලා දියණියට කරදර කිරීම හේතුවෙන් ඇය එම තරුණයා ගැන කලකිරී තිබේ. පසුව දියණිය වෙනත් තරුණයකුට විවාහ කරදීම හේතුවෙන් විවාහ ගිවිසගෙන සිටි තරුණයා මව සහ දියණිය සමඟ නිතරම ආරවුල් ඇතිකර ගෙන ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ මල්ලිකා මහත්මිය. ‘පසුගිය දිනවල අපට තර්ජනය කළා. ගෙට ගිනි තියනවා, අපිවත් මරණවා කියලා. 04 වැනිදා ගෙදර කවුරුත් හිටියේ නැහැ. මගේ මහත්තයා ටයිල් වැඩ කරන බාස් කෙනෙක්. එයා පිට වැඩකට ගිහින්. මම මගේ දුව බලන්න කොළඹ ගිහින් හිටියේ. 04 වැනිදා රෑ මගේ ගෙට ගිනි තියලා කියලා ගමේ අවට ගෙවල්වලින් මට කෝල් කරලා කිව්වා. නැවැත නිවෙසට එන කොට කිසිම දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. හැමදෙයක්ම පිලිස්සිලා ගිහින්’. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ප්‍රදේශවාසියෙක් වන වසන්ත කුමාර ජයසිංහ.

‘රාත්‍රි 9.15ට විතර දැක්කා ගමේ ගෙදරකට ගිනි ඇවිලිලා තියෙනවා. ඇස්බැස්ටෝස් ෂීට් පුපුරණ ශබ්දයක් ඇසුණා. ගෙදර අයිතිකාරයන් කවුරුත් නැති නිසා ගින්න එකපාරටම නිවලා දමන්න තීරණය කෙළේ නැහැ. ගෙදර අයට කෝල් කරලා අවසන් වුණාට පසුවයි ගින්න නිවන්නට පටන්ගත්තේ. 119ට කතා කරලා සිදුවීම ගැන පොලිසියට කිව්වා. රාත්‍රි 11ට විතර ගන්දර පොලිසියෙන් ආවා. ඒ වෙනකොට ගමේ අය එකතුවෙලා ගින්න නිවා දමලා අවසන්.’

චිත්‍රා නන්දනී සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීවාය. ‘උඩහ ගෙදර නංගී මට කතා කරලා කිව්වා පල්ලෙහා මානෙල්ගේ ගෙදර ගිනි ගන්නවා කියලා. මම එළියට බැහැලා බලනකොට මානෙල්ලාගේ ගෙදර ගින්නෙන් වැහිලා තිබුණේ. විශාල දුමාරයක් එක්කලා වහලයේ ඇස්බැස්ටෝස් ෂීට් පවා පිපිරෙන හඬ ඇහුණා. සිද්ධිය වෙනකොට රෑ 9.15ට විතර වෙලා. මම අවට ගෙවල්වල අයටත් කතා කරලා කිව්වා මානෙල්ලාගේ ගෙය ගිනි ගන්නවා කියලා. ගින්න නිවන්න ඉස්සරවෙලා මානෙල්ලාගේ මස්සිනා වන මොහොමඩ්ට කතා කරලා සිද්ධිය ගැන කිව්වා. එයාලා දැනුම්වත් කරලා අවසන් වීමෙන් පසුවයි ගෙදර ගින්නෙන් දැවෙන එක පාලනය කරගත්තේ. මේ ගෙදර ගෑනු ළමයාත් එක්කලා මුලින්ම විවාහ වෙන්නට හිටිය පිරිමි ළමයා ඇවිත් ගෙට ගින්දර දැම්මා කියලා තමයි මේ අය කියන්නේ...’

පරවාහැර කැකනදුර ගමගේ වත්ත ගම්මානයේ නිවෙසකට ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධයෙන් සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයකු මේ වනවිට ගන්දර පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment