HIRU TV

Tuesday, October 8, 2013

Vass named a chief suspect

වාස්, ප‍්‍රධාන සැකකරුවෙක් කරයි

Vass named a chief suspect


 
Vass G 410px 08-10-13hirunewsමාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවෙකු ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා නම් කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබේ.
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුව අද (08) කැඳවු අවස්ථාවේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දින් මහතා මේ බව අධිකරණයට දැනුම් දෙන ලදී.

සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම සැකකරුවන්
හත් දෙනා මේ මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු චෝදනා ලැබ සිටි අතර ඉන් දෙදෙනෙකු රජයේ සාක්ෂිකරුවන් වීමට කැමැත්ත පළ කර තිබුණි. ඒ අනුව ඔවුන් දෙදෙනා කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කළේය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඝාතන සිද්ධියේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට විත්තිකරුවන්ගෙන් බලපෑමක් එල්ල වන බව කී අතර මෙහිදි මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දැනුම් දුන්නේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවත්, ඉදිරියටත් එසේ කළහොත් ඊට අදාළ පියවර ගන්නා බවත් ය.

No comments:

Post a Comment