HIRU TV

Tuesday, October 8, 2013

Sajith says "not now"

සජිත්, දැන්ම සාකච්ඡා බෑ කියයි !

Sajith says "not now"

 
Karu sajith ranil 410px 08-hirunewsනායකත්ව මණ්ඩලයේ සංයුතිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා,කරූ ජයසූරිය සහ සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරුන් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලබන සතියට කල් දමා ඇත.
අද (08)පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට පැමිණ ඇති බව වාර්තාවේ.

මෙම සාකච්ඡාව හෙට (09) පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුනද,
සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට එදිනට එම සාකච්ඡාවට සහභාගිවීමට නොහැකි බව අද දැනුම් දීමත් සමග මෙම සාකච්ඡාව ලබන සතියට කල් දමා තිබේ.

No comments:

Post a Comment