HIRU TV

Monday, October 7, 2013

Guard of honour for Tendulkar & Dravid

සචින් ට, ඩ්‍රාවිඩ් ට හරසර

Guard of honour for Tendulkar & Dravid



 
Sachin Dravid 410px 13 10 07hirunewsඊයේ දිනයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගය අවසන් වූයේ ක්‍රිකට් ලොව දැවැන්තයන් දෙදෙනෙකුගේ සමුගැනීමද සනිටුවන් කරමිනි.
එය සචින් ටෙන්ඩුල්කාර් ගේ අවසන් පන්දුවාර විස්සයි විස්සේ තරගය වූ අතර, ඩ්‍රාවිඩ් ගේ ක්‍රිකට් දිවියේ අවසාන තරගය විය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඩ්‍රාවිඩ් පිටියට පිවිසෙන විට එම කණ්ඩායම් සාමාජිකයෝ ඔහුට හරසර දැක්වූහ.
මේ අතර, ශේන් වොට්සන් ගේ පන්දුවකට දැවීගොස් යළිත් ක්‍රීඩාගාරය වෙත ගමන් ආරම්භ කළ ටෙන්ඩුල්කාර් පිළිගැනීමට ඔහු ක්‍රීඩා කළ මුම්බායි ඉන්ඩියන්ස් පිලම ක්‍රීඩා පිටිය වෙත පැමිණ තිබුණු අතර, තරගය නැරඹීමට පැමිණ සිටි 45,000ක ජනයා ද සිය ආසන වලින් නැගිට ඔහුට හරසර දැක්වූ බව විදෙස් වාර්තා වල දැක්වේ.
මේ ඔවුන්ගේ සමුගැනීම බව ටෙන්ඩුල්කාර් හා ඩ්‍රාවිඩ් දෙදෙනාම මීට කලින් පවසා තිබුණි.
ඩ්‍රාවිඩ්, 2012 වසර මුලදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් අතර,
ටෙන්ඩුල්කාර් ද පසුගිය දෙසැම්බර් මාසයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

No comments:

Post a Comment