
ඊයේ ( 31) රාත්‍රී 8.30 ට පමණ හලාවත ආණමඩුව පාරේ කුමාරකට්ටුව ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරත වූ එජාප ආධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී ඇත.
එම ප්‍රහාරයෙන් බරපතල කැපුම් තුවාල සහිතව එච්.එච්.ඒ.එම්.සෙනෙවිරත්න නැමැත්තා හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. මොහු එජාප අපේක්ෂක ප්‍රියන්ත අශෝක මහතා ගේ ආධාරකරුවෙකි.
ප්‍රහාරය එල්ල වන විට අද දින පැවැත්වීමට නියමිත ප්‍රචාරක රැස්වීමක් සදහා මෙම පුද්ගලයා ඇතුඵ කණ්ඩායමක් ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිට ඇත.
මෙවර මැතිවරණයේ දී එජාප ආධාකරුවෙකුට
(තුවාලකරු ගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඔහු මේ වන විට කොළඹ මහ රෝහලට යොමු කොට ඇති අතර ඡායාරෑපයෙන් දැක්වෙන්නේ හලාවත රෝහලේ දී ඔහුට ප්‍රතිකාර කළ අන්දමයි.)
මේ වන විට පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක සනත් නිශාන්ත ගේ කටවුට් සහිත ස්ථාන 43 ක් ව්‍යාජ කාර්යාලය ලෙස පවත්වාගෙන යනු ලබන අතර මෙවර මැතිවරණයේ වයඹ හා මධ්‍යම පළාත් හි සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා සදහා මෙම කාර්යාල ද ප්‍රධාන හේතුවක් වී ඇති බව කැෆේ සංවිධානයේ ජාතික සංවිධානය අහමඩ් මනාස් මහතා පවසයි.
No comments:
Post a Comment