HIRU TV

Sunday, September 1, 2013

Red light on liquidized milk

දියර කිරි ගැනත් ප්‍රශ්නයක්

Red light on liquidized milk


 
prees milk 410px 01-09-13hirunewsවෙළෙඳ‍පොළේ අලෙවිය තහනම් කර ඇති පිටිකිරි සහ අලෙවි නොවී තිබෙන පිටිකිරි මිලදී ගෙන ඒවා දිය කර දියර කිරි ලෙස නව ඇසුරුමකින් වෙළෙඳ‍පොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තොරතුරු ලැබි ඇතැයි එහි සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා සඳහන් කළේය.
දැනට වෙළෙඳ‍පොළේ දියර කිරි සඳහා තිබෙන
ඉල්ලුම සපුරාලීමට නොහැකි බැවින් ඇතැම් නිෂ්පාදකයන් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බව හෙතෙම අවධාරණය කළේය.

 දියර කිරි රසායනාගාර පරීක්ෂාවට ලක්නොකරන බැවින් මෙම නිෂ්පාදකයන් කිසිදු බියකින් තොරව මෙම ක්‍රමවේදයට අනුගතව ඇතැයි වෛද්‍ය දසනායක මහතා පවසයි.

No comments:

Post a Comment