HIRU TV

Friday, October 18, 2013

Will fight till Ranil is gone - Maithri

රනිල් එලවනතුරු සටන් කරනවා - මෛත්‍රී

Will fight till Ranil is gone - Maithri

 
maithree 410px 18-10-13hirunewsරනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා දමනතුරු සටන් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අවධාරණය කර සිටියි.
'' මේ සටන අපි දිගින් දිගටම අපි ගෙනියනවා. කවුරු නවත්තන්න ආවත් අපි මේක නවත්තන්නේ නැහැ. මේ නායකත්වයේ වෙනසක් සිද්ධවුණේ නැත්නම්,  'අපි පැරදුණා ඇති'  පාගමන නැවතත් අපි ආරම්භ කරනවයි කියනඑක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන" යයි ගුණරත්න මහතා කියා සිටියේ ඊයේ ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

පසුගියදා මාතරදී තමන්ගේ  පාගමනට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වන  සුදත් චන්ද්‍රසේකර සහ කිත්සිරි කහටපිටිය යන අය අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් අසමත්ව ඇතැයි ද  මෛත්‍රී ගුණරත්න මහතා එහිදී චෝදනා කළේය.

" 05 වැනිදා ආරක්ෂාව සැලැස්සුවේ නැහැ. ආරක්ෂාව සැලැස්සුවේ නැති නිසා තමයි අපිට මේ ඛේදවාචකයට මුහුණපාන්න සිද්ධවුණේ. එදත් පොලීසිය මංගල සමරවීර කරපු විදියට තමයි වැඩ කළේ. අදත් වැඩ කරන්නේ මංගල සමරවීරගේ ඕනකමට තමයි වැඩ කරන්නේ.  දැන් බලන්න සුදත් චන්ද්‍රසේකර කිත්සිරි කහටපිටිය අත්අඩංගුවට අරගෙන නැහැ. එතකොට මේවගේ  පැහැදිලිව පේනවා, පොලීසිය පක්ෂාග්‍රාහීව කටයුතු කරනවා.'' ඔහු වැඩිදුරටත් පැවසිය.

ගුණරත්න මහතාගේ එම චෝදනාව සම්බන්ධයෙන්  
මාතර ගැටුමේ පාර්ශවකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියා සිටියේ,  ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ දැඩි බලපෑම් මත පොලිසිය එක්සත් ජාතික ආධාරකරුවන්ට එරෙහිව අන්තනෝමතික අකාරයෙන් ක්‍රියා කරන බවයි.

මාතරදී  සිදුවූ ගැටුමට සම්බන්ධයැයි අභූත චෝදනා නගා, හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යැයි කල් මරමින් දැනට රිමාන්ඩ් බන්ධනාගාර සිටින තම අධාරකරුවන්ගේ සේයාරූ සහ අදාල ලිපිගොනු, හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ දහවල් මාතර බන්ධනාගාර ආපන ශාලාව තුලදී මෛත්‍රී ගුණරත්න මහතගේ  පුත්‍රයාට  පෙන්වා ඇතැයි ද සමරවීර මහතා පැවසිය.

 මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතා, හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ සැකකරුවන් හඳුනාගැනීමට සහභාගී වන අයෙකි.

පසුගිය 14 දා හඳනාගැනීමට පැමිණ සිටියේ  මෛත්‍රී මහතාගේ පුත්‍රයා පමණක් වන අතර, ඔහු තිදෙනෙක් හඳුනාගත්තේ ය. ඉන් දෙදෙනෙක් පිටතින් පෙරෙට්ටුවට තැබූ ඒ අවස්ථාවේදී පාරේ ගිය නිදහස් අයයි. අනෙක් පුද්ගලයා වූයේ මාතර නාගරික මන්ත්‍රීවරයෙක් වන මොහොමඩ් නූස්කි මහතාය. ඔහු ප්‍රසිද්ධ අයෙක් නිසා හඳුනාගැනීමට අපහසුවක් නොවිය.  ඒ අනුව මෛත්‍රීගේ පුත්‍රයාට හඳුනාගත හැකි වූයේ එක් අයෙක් පමණි.

මෙවැනි වැනි තත්වයක් තුල  මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතා, බන්ධනාගාරයට කැඳවා සැකකරුවන් පෙන්වීම බරපතල නීති විරෝධී ක්‍රියාවක් බව පැවසු සමරවීර මහතා, එසම්බන්ධයෙන් තමා වහාම මාතර ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දුන් බවත් කීය.

අනතුරුව හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා,  තමාට දුරකථන ඇමතුමක් ලබාදී සිදුවූ වරද සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බවද සඳහන් කළේය.

No comments:

Post a Comment