HIRU TV

Saturday, October 19, 2013

Public viewing of Colombo-Katunayake expressway

කොළඹ කටුනායක අධිවේගී මග නැරඹීමට ඉඩ

Public viewing of Colombo-Katunayake expressway

katunayake Highway 410px 18hirunewsලබන 27 වැනි දා උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අතින් විවෘත කිරීමට නියමිත  කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ අසිරිය නැරඹීමේ අවස්ථාව මහජනතාවට ලබාදීමට රජය තීරණය කර තිබේ.
අධිවේගී මාර්ගවල පයින් යෑමේ අවස්ථාවක් කිසිවෙකුට හිමි නොවන අතර මේ අවස්ථාව මහජනතාවට ලබා දෙනු ලබන්නේ එය විවෘත කිරීමට පෙර ලබන 22 වැනි දා සිට 24 වැනි දා දක්වාය.
 කොළඹ සි‍ට ක‍ටුනායක දක්වා දිගින් කි.මී. 25.8 ක් පමණ වන අධිවේගි මාර්ගයේ ආරම්භක ස්ථානය නව කැලණි පාලම වන අතර එය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ගයෙන් (කැනඩා මිත්‍රත්ව මාර්ගය) අවසන් වේ.
අධිවේගි මාර්ගය මංතීරු 6 සහ 4 වන කොටස්වලින් යුක්ත වන අතර පළල පිළිවෙළින් මීටර් 33.5ක් සහ 26.0ක් වේ. එහි පැයට කි.මී. 80 සිට 100 දක්වා වේග සීමාවන්ට රථ වාහන ගමනාගමනය කළ හැකි පරිදි සැලසුම්කර ඇත. එමගින් කොළඹ සිට කටුනායක දක්වා ගමනාගමනයට ගතවන කාලය විනාඩි 20 දක්වා අඩුකර ගත හැකි වේ.
මෙම සුවිශේෂී මාර්ගයේ ‘අධිවේගී සංචාරේ‘ -  කොළඹ
- කටුනායක අධිවේගී මගේ ඇවිද යමු! තේමාවෙන් වැඩසටහන් රැසක් සංවිධානය වෙමින් පවතින බවත් ජන ක්‍රීඩා සහ සංස්කෘතිකාංග මුල්කර ගනිමින් උත්සව රැසක් පෑලියගොඩ සිට කටුනායක දක්වා ම පැවැත්වෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය ලෙස විවෘත වන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පැවැත්වීමට සංවිධානය කර ඇති ජන ක්‍රීඩා අතර ගම හරහා දිවීම, තිරික්කල් ධාවන තරග, පාපැදි තරග, අලි රේස් සහ ජල ක්‍රීඩා ද වේ. එම දින තුනේ දීම මහජනතාව වෙනුවෙන් සංගීත ප්‍රසංග ද පැවැත්වේ.

නව කැලණි පාලම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය, පෑළියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය, ජා-ඇළ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය සහ කටුනායක අන්තර් හුවමාරු මධ්‍යස්ථානය යන පිවිසුම් ස්ථානවලින් මහජනතාවට අධිවේගී මාර්ගයට ඇතුළු වී මේ ජන ක්‍රීඩා නැරඹීමට හා චිත්‍ර ප්‍රදර්ශන, තූර්ය වාදන සංදර්ශන හා සංගීත ප්‍රසංග නැරඹීමට අවසර ලැබෙන අතර එම කිසිම පිවිසුම් ස්ථානයකින් වාහන ඇතුළු කිරීමට ඉඩ නොදෙන බව ද වරාය හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් පේමසිරි මහතා පවසයි.

මහජනතාවට මේ මාර්ගයේ අසිරිය පයින් ඇවිද ගොස් නැරඹීමේ අවස්ථාව ලබාදීමට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ දැනුම්දීමට අනුව අධිවේගී මාර්ගය වැටී ඇති මැතිවරණ බලප්‍රදේශවල දේශපාලන නායකත්වය දරන රජයේ මැති ඇමැතිවරුන්, පළාත් සභා මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්, වරාය හා මහා මාර්ග අමාත්‍යංශය සමඟ එක් ව මේ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

ලබන 22 උදේ 6.00ට පෑලියගොඩ - කටුනායක පිවිසුම් මාර්ගය අසලින් තරගකරුවන් 500ක් සහභාගිවන ගම හරහා දිවීමේ තරගයක් ද ජා-ඇළ - කටුනායක හන්දියේදී තරගකරුවන් 1000ක් සහභාගි වන ගම හරහා දිවීමේ තරගයක් ද කටුනායක සිට ජා-ඇළ දක්වා තරගකරුවන් 1500 දෙනෙකු සහභාගී වන කි. මී. 5ක ගම හරහා දිවීමේ තරගයක් ද පැවැත්වේ.

22 වැනි දා පස්වරුවේ ජා-ඇළ - කටුනායකදී තිරික්කල් රේස්, අලි රේස් තරග පැවැත්වේ. ඊට අමතරව බයිසිකල් ‍තරග, සරුංගල් තරග ද අධ්‍යාපන කොට්ඨාසවල සහභාගීත්වයෙන් පාසල් දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශන ද, තූර්ය වාදන සංදර්ශන ද පැවැත්වේ.

No comments:

Post a Comment