HIRU TV

Saturday, September 14, 2013

Sri lanka Film Shitha Man Ava...Hot News

'සීතා මං ආවා’ චිත්‍රපට නිෂ්පාදක ගිනිතියා ගන්නයයි

Sri lanka Film Shitha Man Ava...Hot News
 
Chaminda R 410px 14-09-13hirunews සීතා මං ආවා’ චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද රණසිංහ මහතා ගිනි තබා ගැනීමට සැරසේ.
'' මම දහදුක් විඳ නිෂ්පාදනය කල  මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට 'රාවණා බලය' ඉඩ නොදුන්නොත්,  මා රාවණා බලය ඉදිරිපිටට ගොස් දිවි නසාගන්න ගිනි තියා ගන්නවා, ගන්නවාමයි...'' යයි ඔහු අවධාරණය කර සිටියි.
ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී ඊයේ පැවැත් වූ අතර, එම ස්ථානයට කඩාවැදුණු රාවණා බළකායේ සාමාජිකයෝ ඊට බාධා කරන්නට පටන් ගත්හ.

රාම – රාවණා - සීතා නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන්නේ යැයි රාවණා බළකාය ස්ථිර වශයෙන් කියා සිටී. එය ගණනකට නොගෙන චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ යැයි ද රාවණා බළකාය තවදුරටත්
කියා සිටී.

‘සීතා මං ආවා’ චිත්‍රපටය තිරගතවෙද්දී රාවණා බලය සංවිධානයෙන් එම චිත්‍රපටය නැරඹීමට වඩින ලද භික්ෂුන් වහන්සේ 17 නමක් නැගිට ආපසු වැඩියහ.

'' රාවණා රජතුමා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාල අද්විතීය වෙනස්කම් කරනු ලැබූ රජතුමෙකි. එතුමාගේ චරිතයට විශාල හානියක් හා අපහාසයක් මේ චිත්‍රපටයෙන් සිදු කරනවා. ඉදිරියේදී අප මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර හා තීන්දු තීරණ ගන්නවා. මේ අසහාය රජතුමාට කිසිවෙකුට අපහාස කිරීමට ඉඩදිය නොහැකියි.'' යයි රාවණා බලයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ එහිදී පැවසුහ.

ඒ පිළිබඳ අදහස් දැක්වූ නිෂ්පාදක චමින්ද රණසිංහ මහතා මෙසේ සඳහන් කළේය.

“මා රුපියල් කෝටියකට වඩා මේ චිත්‍රපටයට වියදම් කළා. මෙසේ කළේ ණය වෙමින් හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් ඇති බලය තවදුරටත් ලොවට ඉස්මතු කිරීමටයි....

 මා උත්සාහ කළේ අපේ අභාවයට යන සංස්කෘතියත් පැරණි පුරාවෘතාන්තත් ඉදිරියට ගෙන ඒමටයි. ඒවා අලුත් පරම්පරාවට දායාද කිරීමටයි.
එලෙසම මම හොඳ බෞද්ධයෙක්. මට අවශ්‍ය සියලු ආගමික සහජීවනය ඇතිවන ආකාරයෙන් නිර්මාණ කිරීමටයි.
මේ චිත්‍රපටය සඳහා චිත්‍රපට සංස්ථාවෙනුත් රැඟුම් පාලක මණ්ඩලයෙනුත් අනුමැතිය ලැබී තිබෙනවා. එසේ තිබියදීත් රාවණා බලය මේ සඳහා විරෝධය පෑම දරාගත නොහැකියි.
අහිංසක කලාකරුවන් විදිහට නිර්මාණයක් කරපුවිට මේවා විනාශ කරන්න හදන උදවිය ගැන ඉතා කනගාටුදායකයි. මට දිවි නසාගන්නවා ඇරුණු විට වෙන කළ යුතු දෙයක් නෑ.''
චිත්‍රපටයේ කථාව දෙබස් හා තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ ජයසේකර අපොන්සු මහතා, 'රාවනා බලය' හිමිවරුන්ට කරුණු පැහැදිලි කරමින් මෙසේ පැවසිය.
'' මේ චිත්‍රපටයේ දී රාවණා රජුට කිසිදු අපහාසයක් සිදුවන්නේ නෑ. රාවණා රජුගේ අසහාය ශක්තිය හා ප්‍රබලත්වය ඉස්මතු වන ආකාරයෙන් මෙය නිර්මාණය කර තිබෙනවා.
මෙහිදී රාවණා රජුට විමුක්තිය සොයා ගැනීමට උදව් කරන්නේත් මහා සංඝයා වහන්සේයි.
චිත්‍රපටයේ දී රාවණා රජුගේ දේහය ගල් ගෙයක තිබී හමුවූ පසු එතුමාගේ බලය කීර්තිය වැඩිවන ආකාරය භාවනාව තුළින් ඉස්මතු වන ආකාරය කියා දෙන්නෙත් මහා සංඝයා වහන්සේයි. අප පැරණි කතාවක් ජනතාවට කියාදීමට උත්සාහ කළා. නමුත් මෙයින් කාටවත් අපහාසයක් හිංසාවක් සිදුකිරීමට උත්සහ කළේ නෑ. අපට අවශ්‍ය සිනමා කර්මාන්තය තුළ අපේ දේ අපේ ජනතාවට කියාදීම පමණයි. ''

එහෙත් ජයසේකර අපොන්සු මහතාගේ ප්‍රකාශයන් කෙරෙහි 'රාවනා බලය' හිමිවරුන් අනුකුලතාවයක් නොදක්වුහ.

'රාවනා බලය' අමාත්‍ය විමල් විරවංශ මහතා විසින් මෙහෙයවනු ලබන්නක් බව 'බොදු බල සේනා' සංවිධානය පවසා තිබිණ.

No comments:

Post a Comment