
අරවින්ද සෙලින්කෝ සමුහයේ සමාගම් වල රුපියල් ලක්ෂ 5,000 කට වඩා ආයෝජනය කර තිබී ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.
මීට අමතරව, මහේල ජයවර්ධන රුපියල් ලක්ෂ 350 ක් ද තවත් හිටපු හා සිටින ක්‍රිකට් ක්‍රිඩකයින් හා කළමනාකරුවන් රැසක්ද මෙහි මුදල් තැන්පත් කර තිබූ බවද පැවසේ.
ගෝල්ඩන් කී අර්බුදයක ඇති බව අරවින්දට ඒත්තු යාමත් සමග ඔහු එහි තැන්පත්කර තිබූ මුදල් නැවත ගැනීමට ක්‍රියා කරමින් සිටිද්දී සමාගම විශාල ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දී කඩා වැටීම වේගවත් වී ඇති බවටද ගොල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමය චෝදනා කරති.
එම සංගමයේ සභාපතිනි හා නව අධ්‍යක්ෂක මඩුල්ලේ සාමාජිකා
දුෂ්ශන්ති හපුගොඩ මහත්මිය පවසනුයේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ගෙවීම් සඳහා වත්කම් පවරා ගැනීම මේවන විට සිදුකරමින් සිටින බවයි.
ඒ අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ගෙවීම් සඳහා වත්කම් පවරා ගැනීමේ කාර්යසාධක බලකාය විසින් එම ව්‍යාපාරයේ හිමිකාරියක වූ ලලිත් කොතලාවල මහතාගේ බිරිය වන සිසිලි කොතලාවල මහත්මියට අයත් බම්බලපිටිය ෆෝන්සේකා පාරේ පිහිටි රුපියල් කෝටි පනහකට අධික වටිනාකමකින් යුතු ඉඩම විකුණා දැමීමට මේ සති අන්ත පුවත්පත් වල දැන්වීම් පළකර ඇති බවයි.
මීට අමතරව පසුගිය කාලයේදී ගෝල්ඩන් කී අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි පද්මිණි කරුණානායකට අයත් කිරුලපන නන්දිමිත්‍ර මාවතේ පිහිටි ඉඩමක් හා එහි සාමාන්‍යාධිකාරිව සිටි කාමන් පෙරේරා ට අයත් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ඉඩමක්ද මෙසේ අත්පත් කර ගනිමින් විකුණා දැමූ බවද ඇය පැවසුවාය.
ගෝල්ඩන් කී ළමා රෝහලක් ඉදිකිරීම සදහා නාවල කිරි මණ්ඩල මාවතේ පිහිටි ඉඩමක්ද අත්පත් කර ගනිමින් විකීණිමට පියවර ගෙන ඇති බවද ඇය සදහන් කළාය.
එම සමාගමේ රුපියල් ලක්ෂ 10 වඩා අඩුවෙන් තැන්පත් කළ 1204 ක් වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් රුපියල් මිලියන 78 ක් ගෙවාදමා ඇති බවද හපුගොඩ මහත්මිය පැවසුවාය.
එසේ පීඩාවට පත් 600 කට පමණ සම්පුර්ණයෙන්ම මුදල් ගෙවා අවශ්‍ය සහන දී ඇති බවද ඇය හෙළි කළාය.
තවත් 5250 කට අවමය රුපියල් ලක්ෂය බැගින් ගෙවීමට රුපියල් මිලියන 523 ක් අවශ්‍ය බවද කී ඈ මෙම දේපොළ විකිණිමෙන් ඒ අරමුදල් අවශ්‍යතාවයත් සපුරා ගන්න බලාපොරොත්තු වන බවද පැවසුවාය.
එසේ පීඩාවට පත් 600 කට පමණ සම්පුර්ණයෙන්ම මුදල් ගෙවා අවශ්‍ය සහන දී ඇති බවද ඇය හෙළි කළාය.
තවත් 5250 කට අවමය රුපියල් ලක්ෂය බැගින් ගෙවීමට රුපියල් මිලියන 523 ක් අවශ්‍ය බවද කී ඈ මෙම දේපොළ විකිණිමෙන් ඒ අරමුදල් අවශ්‍යතාවයත් සපුරා ගන්න බලාපොරොත්තු වන බවද පැවසුවාය.
No comments:
Post a Comment