HIRU TV

Monday, September 9, 2013

Kattankudy police juniors knelt down

කාත්තන්කුඩි පොලිස් පොඩ්ඩෝ දණ ගස්සලා

Kattankudy police juniors knelt down

 
Police cap 410pxhirunewsකාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් 120 දෙනෙකු පමණ නැගෙනහිර පළාතේ ඉහළ පොලිස් නිලධාරියෙකුගේ නියෝගයක් මත, පොලිස් ස්ථානයේ දේශන ශාලාව තුළ පැය බාගයකට ආසන්න කාලයක් දණ ගසාගෙන සිටීමට සිදුවී තිබේ.
එම පොලීසියේ සැරයන්වරයෙකු රුපියල් දෙදහසක අල්ලසක් ලබාගන්න ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව එම පොලීසියේ නිලධාරීන්ට මෙවැනි දඩුවමක් විදීමට සිදුවී ඇත.
පොලිස් සැරයන්වරයා අල්ලස් දැලට අසුවී ඇති බව දැන ගැනීමට ලැබීමෙන් පසුව උසස් පොලිස් නිලධාරියා ඔහු යටතේ සිටින තවත් නිලධාරියෙකුද සමග කාත්තන්කුඩි පොලිස් ස්ථානයට පැමිණ ඇත.
උසස් පොලිස් නිලධාරියාගේ නියෝගයෙන් පොලීසියේ දේශන ශාලාවේ තිබූ පුටු මේස සියල්ල ඉවත් කරනු ලැබීමෙන් පසුව ඔහු ඒ අවස්ථාවෙ පොලීසියේ සිටි සියලූ නිලධාරී සහ නිලධාරිනියන් ශාලාවට කැදවා එහි දණ ගසා අත් ඔසවාගෙන සිටින ලෙස නියම කර ඇති අතර නියෝගය අනුව සියලූ දෙනාම එසේ කර තිබේ.
දණ ගසා අත් ඔසවා ගෙන සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට
සහ නිලධාරිනියකට ක්ලාන්තය සෑදී ඇති අතර ඉන් පසු සියලූ දෙනාටම නැගිටින ලෙස උසස් නිලධාරියා නියෝග කර ඇත.
නිලධාරීන් සහ නිලධාරිනියන් අත් ඔසවා දණ ගසා ගෙන සිටියදී උසස් පොලිස් නිලධාරියා තමන්ට බැණ වැදුණු බවත් මෙවැනි දඩුවමක් ලබා දුන් බව පොලිස්පතිවරයාට හෝ වෙනත් ඉහළ නිලධාරීන්ට පැමිණිල නොකරන ලෙස තර්ජනය කර ඇත.
මෙම දඩුවම ගැන ඉහළ නිලධාරීන්ට පැමිණිලි කර තිබුණහොත් එසේ කළවුන්ට දඩුවම් කරන බවද ඔහු පවසා ඇති අතර පොලිස් නිලධාරීන්ට හා නිලධාරිනියන්ට මෙම දඩුවම් ලබා දී තිබූ අයුරු ඒ අවස්ථාවේ රාජකාරි කටයුතු ඉටු කරගැනීම සදහා පොලිස් ස්ථානයට පැමිණ සිටි ජනතාවද දැක ඇත.

No comments:

Post a Comment