HIRU TV

Monday, September 9, 2013

Red light for Sri Lanka from Pillay

නවී පිල්ලේ ශ්‍රී ලංකාව ගැන කතා කරයි

Red light for Sri Lanka from Pillay

 
Navi 410px 09-09-13hirunewsඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 24 වන සැසි වාරය ජිනිවා නුවර දී අද (09) ආරම්භ වූ අතර, එහිදී විශේෂ ප‍්‍රකාශයක් කළ ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සිය ශ‍්‍රී ලංකා සංචාරය පිළිබදව ද අදහස් පළ කළාය.
එහිදී ඇය කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ පරිපූර්ණ චාරිකාවක නිරතවීමට අවස්ථාව සහ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ලක් රජයට ස්තූතිවන්ත වන බවයි.

මෙම සැසිය අතරතුර සිය ශ‍්‍රී ලංකා චාරිකාවේදී ලද අත්දැකීම් ඇසුරෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බව ද ඇය සඳහන් කළාය.

එමෙන්ම ශ‍්‍රී ලංකා සංචාරයේ දී තමා මුණ ගැසුණු මානව හිමිකම් කි‍්‍රයාකාරීන්, මාධ්‍යවේදීන් සහ අනෙකුත් ප‍්‍රජාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමාගේ දැඩි අවධානය යොමු කරන බවත් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය කියා සිටියාය.
සිය ශ්‍රී ලංකා සංචාරයේදී තමා මුණ ගැසුන මානව හිමිකම් ක්‍රියාධරයන් මාධ්‍ය වේදීන් සහ ප්‍රජා කණ්ඩායම් කිසිදු ආකාරයක බියගැන්වීම් හෝ පහරදීම් වලට ලක් වීමෙන් ආරක්ෂාව සැලසීම කෙරෙහි තම කඩිනම් අවධානය යොමු කෙරෙන බව ඇය අවධාරණයෙන් පැවසුවාය.

පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ සංචාරයේදී තම නිරීක්ෂණයට
හසු වූ කාරණා ඇතුළත් විශේෂ වාර්තාවක් මෙම විසි හතර වැනි සැසිවාරය අවසානයේදී ඉදිරිපත් කරන බවත් මහ කොමසාරිස් වරිය ප්‍රකාශ කළාය.
අන් ආගම් නොරිස්සීම, යහ පාලනය සහ නීතිමය පාලනය ද ඇතුළුව පුළුල් මානව හිමිකම් පිලිබඳ තත්වය මෙන් ම, රට තුළ සිදු වෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු, සංහිඳියාව, සහ යුද්ධයේ දී සිදු වූ දෑ පිලිබඳ වගකීම් ආදිය නිරීක්ෂණයෙහි ලා තම පුළුල් සංචාරයේ දී පහසුකම් සම්පාදනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට කෘතඥතාවය පළ කරන බවත් මහ කොමසාරිස් නවී පිල්ලෙයි සිය සමාරම්භක දේශනයේදී සඳහන් කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි නියෝජිතයන් සහ මානව හිමිකම් ක්‍රියාවට නැංවීමේ යාන්ත්‍රනය සම්බන්ධයෙන් දැක්විය යුතු සහයෝගීතාවයට අදාළ කරුණු ඇතුළත් වාර්තාවක් මෙම සැසිවාරයට මහ ලේකම් බන් කි මූන් විසින් ඉදිරිපත් කරන බවද මහ කොමසාරිස් වරිය පවසන්නීය.

2012 ජූනි මාසයේ 16 වෙනි දා පටන් 2013 ජූනි 15 වෙනි දා තෙක් එක්සත් ජාතීන් සමඟ එසේ සහයෝගයකින් ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව එල්ල වූ පහර දීමේ සහ බිය ගැන්වීමේ සිද්ධීන් පිළිබඳවත් එම වාර්තාවට ඇතුළත් කර ඇති බව ඇය ජිනීවා සමුළුවට කියා සිටියාය.

No comments:

Post a Comment