HIRU TV

Monday, September 9, 2013

Mandana's house robbed again; computer stolen

මන්දනගේ නිවසට යලි කඩා පනී. පරිගණකය උස්සන් යයි

Mandana's house robbed again; computer stolen

 
MandanaIsmail 410px 13 08 26hirunews'සන්ඩේ ලීඩර්' සම කර්තෘ මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවාසය යලිත් ඊයේ (08) රාත්‍රී කඩා වැදී ඇති පිරිසක් එහි තිබු පරිගණක යන්ත්‍රයක් පැහැරගෙන ගොස් ඇත.
මාධ්‍යවේදිනියගේ ගෙවත්තේ, නිවසට යාබදව පිහිටි විශාල ගරාජය, අනෙක්සියක් බවට පරිවර්තනය කොට කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට ඇයගේ පියාගේ මිතුරකුට ලබාදී තිබී ඇති අතර, ඊයේ රාත්‍රී පැමිණි පිරිස පැහැරගෙන ගොස් ඇත්තේ එම කාර්යාලයේ තිබු පරිගණක යන්ත්‍රයකි.
පැහැරගෙන ගොස් ඇති වෙනත් දැ පිළිබඳව මේවනවිට සොයා බලමින් සිටින බවත්, ඒ පිළිබඳව බම්බලපිලිය පොලිසියට පැමිණිලි කර ඇති බවත් මන්දනා මහත්මිය 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසුවාය.
පසුගිය මස 24 දා අලුයමද ඇගේ නිවසට මැර පිරිසක් කඩා
වැදුන අතර, ඉන් අනතුරුව මාධ්‍යවේදිනියගේ පවුලේ කිසිවකුත් එම නිවසට මෙතෙක් ගොස් නොමැත. මැරයින් පැමිණිදා ඇතිවූ කම්පනයෙන් තමන්ගේ කුඩා දියණිය හා දෙමාපියන් යලි එම නිවසට යාමට බියක් දක්වන හෙයින්, පවුලේ සියලු දෙනා හෝටලයක නවාතැන් ගෙන සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

No comments:

Post a Comment