HIRU TV

Thursday, July 25, 2013

Kneel Member remanded again

hirunews

Kneel Member remanded again

Annada sarath puttalama 410නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක වන  ප‍්‍රියානි සුසිලා රත්නායක මහත්මිය පාසල තුලදී දණ ගැස්වු බවට චෝදනා ලැබූ  හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට පසුගියදා කටයුතු කෙරිණි.

නමුත් එකී ඇප කොන්දේසි කඩකිරීම නිසා පොලීසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබූ සරත් කුමාර මහතා අද (25) දින ආනමඩුව දිසා විනිසුරු රංග දිසානායක මහතා හමුවට ඔහුව ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන අගෝස්තු 08 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරිණ.
ආනන්ද සරත් කුමාර මහතා ඉදිරි වයඹ පලාත් සභා මැතිවරණයට එක්සත්  ජනතා නිදහස් සන්ධානය යටතේ  තරග කිරීමට අපේක්ෂාවෙන් සිටියි.
 පසුගියදා රැස්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන නාම යෝජනා මණ්ඩලය සරත් කුමාර මහතා අපේක්ෂකත්වයට සුදුසු බවට අනුමත කර තිබේ.

No comments:

Post a Comment